කොරෝනා මැඬලන මෙහෙයුම් කඩාකප්පල් කරන්න ඉන්දියාවේ අන්තවාදී කැරැල්ලක්

ඉන්දියාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩසටහන් කඩාකප්පල් කිරීමට අන්තවාදී ආගමික සංවිධානයක් ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා එරට බුද්ධි අංශ හා ආරක්ෂක අංශ මේ වනවිට විශේෂ විමර්ශනයක් දියත් කර ඇත.

නිරෝධායනයට අකමැති වූ සිංගප්පූරු වැසියෙකුගේ පාස්පෝට් අවලංගුයි

සිංගප්පූරුවේ නිරෝධායන නීතී රීතීන්ට අනුකූලව කටයුතු නොකළ එරට වැසියෙකුගේ විදෙස් ගමන් බලපත්‍රය අවලංගු කිරීමට සිංගප්පූරු රජය පියවර ගෙන ඇත.

රටවල් 19ක් කොරෝනාවෙන් තවම ආරක්ෂිතයි – උතුරු කොරියාවත් ඒ අතර

ලොව පුරා රටවල් රාශියක් කොරෝනා වෛරසයේ බලපෑමට ලක්වී සිටින මේ මොහොතේ තවමත් එම වසංගතයෙන් බේරී සිටින රටවල් 19ක් පිළිබඳව ජාත්‍යන්තර බී බී සී පුවත් සේවය අනාවරණය කර ඇත.

කොරෝනාවට බයේ මැලේසියා ආදිවාසීහු කැලෑවදිති

කොරෝනා වයිරසය මැලේසියාවේ පැතිරීමත් සමග එරට ජීවත් වන ආදිවාසී ජන කොටස් වනාන්තර වෙත පලායමින් සිටී

නිරෝධායනයට අකමැති අයට වෙඩි – පිලිපීනය

නිරෝධායන ක්‍රියාවලියට අවනත නොවන පුද්ගලයින්ට වෙඩි තැබීමට පිලිපීන ජනාධිපති රුද්‍රිගු දුටෙර්ටේ එරට ආරක්ෂක අංශ වෙත අවසර ලබාදී ඇත

ලොක්ඩවුන් නිසා ඉන්දියාවේ මිලියන ගණනකට රස්සා නෑ

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් එරට තුල දැඩි රැකියා අර්බුදයක් මතුවෙමින් ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වාදේ.

මෝදි ජාතියෙන් සමාව ඉල්ලයි

සමස්ත ඉන්දියාවම එකවර වසා දැමීමට සිදුවීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මහතා අද දින ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් එරට සියලු වැසියන්ගෙන් සමාව අයැද සිටියේය.

කොරෝනා ලෝකෙම ගිලගනිද්දී උතුරු කොරියාව මිසයිල අත්හදා බලයි

ලොවම COVID-19 වසංගත භීතියෙන් සලිත වී සිටියදී උතුරු කොරියාව මේ මාසය තුළ 8 වැනි සහ 9 වැනි මිසයිල අත්හදාබැලීමද සිදුකර ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

යුරෝපය ගිනි ගනිද්දී වීනා වයන ස්වීඩනය

යුරෝපය පුරා වේගවත් ලෙස පැතිරෙමින් යන කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා එම කලාපයේ රටවල් රැසක්ම දැඩි නීති රීති හා ක්‍රියාමර්ග දියත් කර ඇති නමුත් යුරෝපා කලාපයටම අයත් ස්වීඩනය පමණක් මේ වනවිට ඊට හාත්පසින්ම වෙනස් වූ පියවරයන් අනුගමනය කරමින් සිටින බව වාර්තාවේ.

ලෝ වැසියන් මුදාගනු පිණිස පාප්වහන්සේ මහ වැසි මැද හුදෙකලා දේවමෙහෙයක

කොරෝනා වසංගතය යනු , සහයෝගීතාව හා සහෝදරත්වය පිලිබඳ කෙරෙන පරීක්ෂණයක් ලෙසින් සිතා කටයුතු කරන ලෙස ශුද්ධෝත්තම පළමුවන ෆ්රැන්සිස් පාප්වහන්සේ අද දින සුවිශේෂී හුදෙකලා දේව මෙහෙයක යෙදෙමින් තිකානුවේ සාන්ත පීතර චතුරස‍්‍රයේදී අවධාරණය කර සිටියහ.