CIDයේ පලපුරුදු විමර්ශන නිලධාරීන් 19කට එකවර මාරුවක්

Picture of අසංක

අසංක

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම නිලධාරීන් පිරිසක් එකවර ස්ථාන මාරු කිරීම මෙවර සිදුකරමින් නිලධාරීන් 19 දහනවයක් සාමාන්‍ය රාජකාරි සඳහා පිටතට මාරු කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශ 19යෙහි 10 කම පොලිස් ස්ථානාධිපතිවරුන් මෙම ස්ථාන මාරුවට ඇතුළත්ය.

මෙම ස්ථාන මාරුවට ලක්ව ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර 10ත් -20ත් අතර පළපුරුදු නිලධාරීන් වන අතර විමර්ශන සිදුකිරීමේදී එවන් පලපුරුදු විමර්ශන අත්දැකීම් ඇති නිලධාරීන් සැලකෙන්නේ එම දෙපාර්තමේන්තුවට සම්පතක් ලෙසයි.

මෙලෙස ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් අතර පාස්කු ප්‍රහාර විමර්ශනය, රිෂාද් බදුර්දීන් චෝදනා විමර්ශනය සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගිනි අවි සම්බන්ධ සිද්ධිය ආදී විමර්ශන මෙහෙය වූ නිලධාරීහු වෙති.

මෙම ස්ථාන මාරුව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ විමතියට ලක්ව ඇත්තේ මීට පෙර නොවූ ආකාරයේ බලපෑම් සහගත ස්ථාන මාරුවක් වන බැවිනි.