CID අලුත් අධ්‍යක්ෂට එරෙහිව ලොක්කෝ 8ක් මාරු ඉල්ලයි

Picture of අසංක

අසංක

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයාගේ පත්වීමට එරෙහිව එහි සේවයේ නිරත ඉහළ නිලධාරීන් 08 දෙනෙක් ස්ථාන මාරුවීම් ඉල්ලා පොලිස්පතිවරයාට සහ පොලිස් කොමිසමට ලිපි යොමුකර තිබේ.

ඒ අය අතර පොලිස් අධිකාරීවරු දෙදෙනක් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් හය දෙනෙක් සිටිති.
ඒ සියළු දෙනාම වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පත්කරන ලද නිලධාරීන්ය.

පාස්කු ප්‍රහාරය, රිෂාඩ් බදුර්දීන්, ෂාෆි සහබ්දීන් වැනි ආන්දෝලනාත්මක විමර්ශන රැසක අධික්ෂණ නිධාරීන් ලෙස කටයුතු කරන නිලධාරීන්ද මේ අය අතර සිටිති. එම විමර්ශන නිසි ලෙස සිදුවන බව සමාජය සමුවේ කථාබහ කිරීමට පටන් ගැනුනේත් කාදිනල් හිමිපානන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදුවන බව සදහන් කරනු ලැබුවේත් නව නිලධාරීන්ට විමර්ශන පැවරීමෙන් අනතුරුව ය.

මෙම නිලධාරින් සදහන් කරන්නේ තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තමන්ට සේවය කිරීමට නොහැකි බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සහ අධ්‍යක්ෂක සමග රාජ්‍ය නිවේදිත නිලධාරීන් 15 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටිති. නියෝජ්‍ය පොලිස්පති සහ අධ්‍යක්ෂක හැරුණු කොට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 13 දෙනෙක් සිටිති. දැනට ස්ථානමාරුවීම් ඉල්ලා සිටින්නේ ඒ අයගෙන් 08 දෙනෙකි. තවත් කිහිප දෙනෙක් ඉදිරියේදී ස්ථාන මාරුවීම් ඉල්ලා සිටීමට සූදානමින් සිටින බවද සදහන්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයාට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින් සිටින නිලධාරීනියන් දෙදෙනෙක් සහ එක් නිලධාරියෙක්ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තුවේ සේවයේ නිරතව සිටීමද විශේෂිතය. ඒ අය මෙතෙක් තවමත් ඔවුන්ගේ ප්‍රතිචාරය දක්වා නැත.

ස්ථාන මාරුවීම් ඉල්ලා සිටින නිලධාරීන් සදහන් කරන්නේ නව අධ්‍යක්ෂකවරයා සහකාර පොලිස් අධිකාරී ධුරයේ සිට ද්විත්ව උසස්වීමක් ලබා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීධුරයට උසස්වීමක් ලබා ඇති අයෙක් බවය. එම උසස්වීම ලබාදුන් ක්‍රමවේදයට එරෙහිව අනඩුවක් ගොනුකර ඇති බවත් තමන් එම නඩුවේ පාර්ශව කරුවන් බවත් ඒ අය සදහන් කරති.