රයන් ඇතුළු 5ක් ‌හෙට දිවයිනට

දම්පත් රණසිංහ මාකදුරේ මධූෂ් සමග ඩුබායි පොලිස් අත්අඩංගුවට ගත් ජනප්‍රිය නළු රයන් වෑන් ඇතුළු 5 දෙනෙක් අද රාත්‍රි මෙරටට ඒවීමට ඩුබායි පොලීසිය පියවර ගෙන තිබේ. ඔවුන් රැගත් ගුවන් යානය හෙට අලුයම මෙරටට ළගාවීමට නියමිතව ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් මෙරටට පැමිණීමෙන් පසු ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බව ආරංචිචි මාර්ග අනාවරණය කළේය.

කරන්ට් මදිවට වතුර කැපිල්ලත් දිගටම එන ලකුණු

පැතුම් වික්‍රමරත්න දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හේතුවෙන් ඉදිරියේදී ජල සැපයුමද බිඳවැටිය හැකි බවට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනතුරු අඟවා සිටී. අඹතලේ ජලපවිත‍්‍රාගාරයේ නඩත්තු කටයුතු අවසන් නොවීමද මෙසේ ජල සැපයුම අඩාල වීමට හේතුවනු ඇති බව මණ්ඩලය ප්‍රකාශ කර සිටී. මෙම තත්ත්වය හමුවේ ඇතැම් ප‍්‍රදේශවල ජල පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් සෙසු ප‍්‍රදේශවලට ජල සැපයුම ලබා දීමේදී…

සුපිරි පළාත් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය ‌හෙට ඇරඹේ

ඉෂාර රත්නකාර ලෝක කුසලානය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ‌තෝරාපත් කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන සුපිරි පළාත් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය ‌හෙට ආරම්භ ‌වේ. ලබන 11 වැනිදා ‌තෙක් පැවැත්වෙන ‌මෙම තරගාවලිය සදහා ‌කොළඹ, මහනුවර, දඹුල්ල, සහ ගාල්ල යනුවෙන් කණ්ඩායම් 04ක් තරග 08ක් වැදීමට නියමිතය.

අප්‍රේල් 05 ජාතික සිනමා දිනය ‌ලෙස නම් ‌කෙරේ

ඉෂාර රත්නකාර අප්‍රේල් මස 05 වැනි දින ජාතික සිනමා ‌දිනය ‌ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ‌ෙමෙය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත. මෙරට සිනමාව දකුණු ඉන්දියානු ආභාසයෙන් මුදවා, ‌දේශීය මුහුණුවරක් ‌ගෙන ඒමින් ‘‌රේඛාව’ චිත්‍රපටිය තුළින් සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළ ‌ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ‌ලෙස්ටර් ‌ජේම්ස් පීරිස් මහතාගේ…

එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා අනුරාධපුරයට සහ යාපනයට

ඉෂාර රත්නකාර නව ව්‍යවසාකයන් ලක්ෂයක් බිහිකිරීමේ අදහසින් රජයේ 2025 දැක්ම යටතේ ක්‍රියාත්මක ඒන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා මීළග ප්‍රදර්ශනය අනුරාධපුරයේ පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ඒ් අනුව ඒන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා අනුරාධපුරයේදී ලබන මැයි මාසයේදීත් ඉන් අනතුරුව ලබන ජුලි මාසයේදී යාපනයේදීත් පැවැත්වීමට නියමිතය. යිසස් ශ්‍රී ලංකා පළමු ප්‍රදර්ශනය ‌මොනරාගලදී පැවැත්විණ.

මරණ දඩුවමට මානව හිමිකම් NGO හරස් වෙයි

පැතුම් වික්‍රමරත්න මරණ දඩුවම යලි ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඇති සැලසුම් වහා අත්හිටවිය යුතු බව හියුමන් රයිට්ස් වොච් ජාත්‍යන්තර සංවිධානය අවධාරණය කර සිටී. මරණ දඩුවම යලි ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත් , එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්ද ඊට දැඩි විරෝධයක් ඉදිරියේදී එල්ලවනු ඇති බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂිකා මීනක්‍ෂි ගංගුලි…

පාර්ලිමේන්තුව තුළදී අගමැතිට දුන් සෝඩා බෝතලේ ඇතුළේ තිබූ දේ ගැන විමර්ශනයක්

දම්පත් රණසිංහ පාර්ලිමේන්තුව තුළදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන් සෝඩා බෝතලය තුළ රෙදි කැබැල්ලක් තිබී හමුවීම පිළිබද පුළුල් විමර්ශනයක් වැලිකඩ පොලීසිය විසින් අරඹා තිබේ. පෙරේදා දිනයේ මෙම සිදුවීම වී ඇත්තේ වැය ශීර්ෂ විවාදයෙන් පසුවයි. අගමැතිවරයා පානය කිරීම සදහා පාර්ලිමේන්තුව තුළදී සෝඩා බෝතලයක් ඉල්ලා ඇති අතර එහිදී ලබාදුන් සෝඩා බෝතලය අගමැතිවරයාගේ ආහාර පරීක්ෂකවරයා විසින් පරීක්ෂා කරන…

හොරට ඉදවන කෙසෙල් හදුනාගන්න ඇප් එකක්

පැතුම් වික්‍රමරත්න කාබයිඩ් රසායනිකය යොදා ගනිමින් ඉදවන ලද කෙසෙල්, හඳුනාගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් (app ) නිපදවීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමත් වී ඇත. ඉදිරියේ දී අඹ සහ ගස්ලබු ආදී පළතුරු සඳහාද මෙම භාවිතා කිරීම සඳහා මෙම ජංගම දුරකතන යෙදවුම වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බවත්මෙ ම නිර්මාණය සිදු කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ…

සිංගප්පූරු-ලංකා ගිවිසුම වෙනස් කරන්න ආණ්ඩුව ලෑස්තියි

පැතුම් වික්‍රමරත්න සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යළි සංශෝධනය කිරීමට රජය සූදානම් වේ. ඒ අනුව ලැබී ඇති සියලූ යෝජනා සැලකිල්ලට ගනිමින් ලබන මැයි මාසයේදී අදාළ සංශෝධන සිදු කළ හැකි බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කර සිටී. එම සංශෝධන ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බවද අමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කළේය.

අලුත් අවුරුදු සමයේ ප්‍රවේශමෙන්: දියේ ගිලෙන්නේ වැඩිපුරම දරුවන්

දම්පත් රණසිංහ ගංගා ඇල දොල සහ මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිලී අපේ රටේ වාර්ෂිකව සැලකිය යුතු පිරිසක් මිය යන බව පොලිස් සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන කරුණකි. වැඩි වශයෙන් එසේ දියේ ගිලීම් වලට ලක්වන්නේ වයස අවුරුදු 8 ත් 18 අතර පසුවන දරුවන්ය. ඒ අයගෙන්ද වැඩිම පිරිසක් පිරිමි දරුවන්ය. ඊට පසුව වැඩියෙන්ම දියේ ගිලීම් වලින්…

අනතුර නිසා දිමුත්ට ක්‍රිකට් ආයතනෙයනුත් දඩයක්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට දඩ මුදලක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ බීමතින් රිය පදවා අනතුරක් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් චර්යා ධර්ම පද්ධතිය කඩ කළ බවට වන චෝදනාව වෙනුවෙනි. මෙලෙස පනවන ලද දඩ මුදල අමෙරිකානු ඩොලර් 7500ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 1.3කි. සිය නිවස වෙත…