තර්ජනයක් නෑ- පාකිස්තාන සංචාරය යනවා- SLC

ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවට තහවුරු වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

සදහිරු සෑයට රත්තරන් දුන්නාට ‌රේගු‌ ‌ලොක්කෝ 2‌නෙක් අත්අඩංගුවට ගැනීමට නියෝග

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න වහාම අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියම කළේය.

ලංකාවේ මානව හිමිකම් තවම දියුණු නෑ – UN

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය තවමත් අපේක්ෂිත මට්ටමට දියුණු වී නොමැතිවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා කනසල්ල පළ කර සිටී.

වසර 20කට පසුව කාන්තාවක් ජනපති අපේක්ෂකත්වයට ඇපමුදල් තියලා

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ‌වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂිකාව ‌‌ලෙස ආචාර්ය අජන්තා පෙරේරා අද ඇප මුදල් තැන්පත් කර තිබේ.

එජාපෙ ජනපති අපේක්ෂකයා ගැන සුළු පක්ෂ එකඟතාවකට එයි

එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා, පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය එක්ව පවත්වන රහස් ජන්දයකින් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් එම පෙරමුණේ සුළු පක්‍ෂ අතර එකඟතාවයක් ඇතිවී ඇත.