20 ගැන කමිටු වාර්තාව අගමැතිට බාරදෙයි

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද (15 ) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බාරදී තිබේ.

වගාකරන්න බැරි කුඹුරු ඉඩම් හිමිකරුවන්ට නිදහස් කෙරේ

කුඹුරු ඉඩම් වශයෙන් හැඳින්වෙන නමුත් වගා කළ නොහැකි ඉඩම් සුදුසු සංවර්ධන කටයුත්තු වෙනුවෙන් හිමිකරුවන්ට නිදහස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත .

ඊළම ඉල්ලා තිලීපන් සැමරූ ශිවාජිලිංගම් අත්අඩංගුවට

එල්ටීටීඊය වෙනුවෙන් උපවාසයක් කර මිය ගිය තිලීපන් සැමරුමක් සංවිධාන කළ දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ ශිවාජිලිංගම් මහතා යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාලදිවයිනට රත්මලානෙන් ගුවන් සේවාවක්

මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත ඉලක්ක කර රත්මලාන ගුවන්තොටුපලින් කලාපීය ගුවන් මෙහෙයුම් ඇරඹීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර ඇත.

චීනයේ කොරෝනා මඬින එන්නත් 4ක් නොවැම්බරයේදී භාවිතයට නිකුත් වෙයි

නව කොරෝනා වෛරසයට එරෙහි චීනය විසින් නිපදවූ එන්නත් හතරක් ලබන නොවැම්බර් මාසයේදී මහජන භාවිතය වෙනුවෙන් නිකුත් කිරීමට සූදානම් බව එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත

ඊශ්‍රායල සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමක් ශ්‍රමිකයන් යැවීම රජයෙන් පමණයි

ඊශ්‍රායල රජය සහ ශ්‍රී ලංකා රජය ඇති කර ගත් රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමට අනුව මින් ඉදිරියට ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යැවීම සිදු කරන්නේ රජයෙන් පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කොන්දේසි එකඟ නොවෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචාරය යළි අවිනිශ්චිත වී තිබෙනවා.  ශ්‍රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ කණ්ඩායම දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් විය යුතු බවට

චීනයේ රුයිලි ගම්මානය අගුළු දමයි

මියන්මාරයට මායිම්ව පිහිටි චීනයේ රුයිලි නගරයේදී කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් දෙදෙනෙකු සොයාගැනීමත් සමග එම ගම්මානය අගුලු දැමීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ.

මන්නාරම, පුනරින් සහ සියඹලාණ්ඩුව ප්‍රදේශවල සුළං බලාගාර

වසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කළයුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.