මෙරට ජනගහනයෙන් 67% කට “බූස්ටර්” මාත්‍රාවක් !

මෙරට ජනගහනයෙන් සියයට 67 කට පමණ ප්‍රමාණයකට “බූස්ටර්” එන්නත් මාත්‍රාවක් ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග ඇණවුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර සිටී ඊට අදාළ අත්තිකාරම් මුදල්ද මේවනවිට ගෙවා ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මාධ්‍යවෙත  පැවැසීය. මේ අතර මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන පුද්ගලයින් 62,008…

5000 දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත්වේ !

රාජකාරියේ නිරතවන ගුරු විදුහල්පතිවරුන්ට ලබාදෙන රුපියල් 5,000 දීමනාව ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. ඊට අනුව රාජකාරියේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට අදාළ දීමනාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මඟින් ලබාගත හැකිය. ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව එළැඹෙන අයවැය මඟින් විසඳන තුරු සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාස සඳහා රාකාරියේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක් ලබාදීමට කැබිනට් මණ්ඩලය පසුගියදා…

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික තානාපතිනිය, “යොහානි “

ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය වී ඇති බව ඉන්දියාව පවසයි. යොහානි ද සිල්වා පසුගියදා ඉන්දියාවේ එන්ඩීටීවී(NDTV) ඇතුළු රූපවාහිනි නාළිකාවන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන්  ට්විටර් පණිවිඩ නිකුත් කරමින් කොළඹ ඉන්දීය මහකොමසාරිස් මේ බව පවසා ඇත. එම පණිවිඩවල මෙසේද සඳහන් වේ. “නවතම සංස්කෘතික තානාපතිනි යොහානි ද සිල්වා ඉන්දියාවේ…

ජනපති , ජගත් මහලේකම් හමුවේ !

නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ. ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහිදී මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට පවසා ඇතැයි ජනාධිපති මාධ්‍ය…

අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට අවශ්‍ය එන්නත් මෙරටට ගෙන්වා අවසන්!

මෙරට වයස අවුරුදු 18 ට වැඩි ජනගහනය වන මිලියන 15 යි දශම 6 යි 7 සඳහා අවශ්‍ය කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග මේවනවිට ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර සිටී . එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ මේවනවිට මිලියන 32 කට වැඩි එන්නත් මාත්‍රා…

ජී එල් අද ජගත් සංවිධානයේ විදේශ අමාත්‍ය සමුළුවට!

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයේ විදේශ අමාත්‍ය සමුළුව අද ආරම්භ වන අතර  අතර, ඊට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු මෙරට නියෝජිතයින් පිරිසක් සහභාගිවීමට නියමිතය . එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට  සහභාගී වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස පෙරේදා…