නියෝග කඩමින් විදෙස් මුදල් මාරු කරන ආයතන 4කට වැඩ වරදී

ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කර ඇති මුදල් හුවමාරු නියෝග අනුගමනය නොකරන මුදල් හුවමාරු කරන්නන්ගේ ව්‍යාපාර බලපත් අහෝසි කිරීමට පියවර ගෙන තිබේ. මේ වනවිට මහබැංකුව විසින් එවැනි ආයතන පිළිබඳ සොයාබලමින් පවතී. ඒ අනුව පහත ආයතන 4 විසින් මහබැංකුවේ මුදල් හුවමාරු නියෝග උල්ලංගනය කරන බවට අනාවරණය වීමත් සමඟ ඔවුන්‍ වෙත පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් නියමිත…

ශ්‍රී ලාංකිකයිනට ජපානයේ රැකියා අවස්ථා !

ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ජපාන රජය උනන්දු වන බව ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති මිසිකොෂි හෙදකි මහතා පවසයි. ඒ මහතා නව ජපාන තානාපති ලෙස පසුගියදා වැඩභාර ගත් අතර අද (09) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා ඇත. අරලියගහ මන්දිරයේදී එම හමුව සිදුවී තිබේ. පසුගිය වසර කිහිපය තුළ අඩු නිපුණතා සහ…

2022දීත් වාහන ආනයනය සීමා කෙරේ !

  එළඹෙන වසරේදීද  වාහන ආනයනය සීමා කිරීමට  රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී රාජ්‍ය සේවයට නව බඳවාගැනීම් නොකිරීමටටද දැනට රජය  තීරණය කළ බව ඔහු පැවසීය. අද  කොළඹදී පවතී රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය . මේ වසරේ පැමිණි අභියෝග හමුවේ මෙසේ විදේශ විනිමය රක ගැනීමටත් , ආනයනයන්…

30ට වැඩි අයට හෙට සිට බූස්ටර් !

වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා ලබාදෙන ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම හෙට සිට කොළඹ නගරයේදී ඇරඹෙන බව කොළඹ මහනගර සභාව පැවසීය. ඒ සඳහා සුදුසුකම් ලබන පුද්ගලයින් සඳහා කෙටි පණිවුඩයක් ඔවුන්ගේ ජංගම දුරකථනයට ලැබෙන බවද දැනුම්දෙයි.

ශ්‍රීමාලි සමරකෝන්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

2021 පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 45 කාණ්ඩයේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ ශ්‍රීමාලි සමරකෝන් විසින් දිනාගෙන තිබේ. උස්බෙකිස්තානයේ අගනුවර සහ ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනයේ (IWF) ලෝක ශූරතාවලිය සඳහා සත්කාරක නගරය වන ටෂ්කන්ට්හි දී දෙසැම්බර් 7-17 දක්වා මෙම තරගාවලිය පැවැත්වේ.  

ශ්‍රී ලංකාව තුල ඔමික්‍රෝන් රැල්ලක් ඇති නොවේවි !

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුල මෙන්ම යුරෝපය ඇතුළු රටවල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුනොවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වාදෙන්නේ, දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳ මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇති බවය.…

ශ්‍රීලනිපයට අලුත් මුහුණු එක්වේ !

රටේ දේශපාලනයෙහි නියුතු අය අතරින් අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන, රටට ආදරය කරන පිරිස්වල පුළුල් ශක්තිමත් බලවේගයක් සකස් කරගෙන, ඒ තුළින් රටේ අනාගතය සඳහා ක්‍රියා කළයුතු අවස්ථාවක් එළඹ ඇති බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (08) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා…

ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ගැන හෙළිදරව්වක් !

නොවැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1587ක් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසුවේය. ස්ථාවර නියෝග යටතේ විමසා තිබූ පැනයකට පිළිතුරු  දෙමින්  රාජ්‍ය අමාත්‍යවරයා  එහිදී මෙසේද පැවසීය ඒ අනුව ”කොවිඩ් 19 වසංගත හින්දා ගෝලීය ආර්ථික අර්බුදය තුළ ඇති වුණ බලපෑමට අමතරව අපේ රටේ විවිධ රජයන් විසින් ආර්ථික…

මෙරට සංචාරක කර්මාන්තයට නොවැම්බරයේ නව පණක්

කොවිඩ් වසංගතයත් සමඟ බිඳවැටුුණු අපේ රටේ සංචාරක ව්‍යාපාරය නව පනක් මේ වන විට ලැබෙමින් ඇති බව නොවැම්බරයේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් 44,294 දෙනාගෙන් පැහැදිලිය. මෙය මාස 20 කට පසු මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් පිරිසය. ඉකුත් වසරේ ජනවාරි මාසයේදී සංචාරකයින් 228,434 දෙනෙක්ද පෙබරවාරි මාසයේදී සංචාරකයින් 207,507 දෙනෙක්ද මෙරටට පැමිණෙන විට කොවිඩ් වසංගත තත්ත්වය චීනයෙන් වාර්තා වීමට…