හෙට වෘත්තීය සමිති 1000ක් වැඩවරයි !

ආණ්ඩුවට විරෝධය පා රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් හෙට (28) දිනයේදී දැවැන්ත සංකේත වැඩවර්ජනයක නිරත වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සඳහන් කරයි. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් ‘ජනමතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාව යටතේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සංවිධානය කර ඇති අතර, වෘත්තීය සමිති දහසකට…

යන්න කිව්වෙත් නැහැ , යන්නෙත් නැහැ !

159Views ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ කියා තමන්ට විශ්වාස බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයින් සමග අරලියගහ මන්දිරයේ අද පැවති හමුවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඉවත් නොවිය යුතු බවට වන යෝජනාවක් ද ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයින්විසින්…

economic centres

රට පුරා ආර්ථික මධ්‍යස්ථාන හෙට නිවාඩු

දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථානවලට හෙට (28) දින එළවළු තොග බෙදා හැරිමක් කරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසයි. රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශයේ සේවකයින් ඇතුළු රටේ ජනතාව හෙට (28) දින හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විමට සැලසුම් කර ඇති නිසා කොළඹ මැනිං වෙලදපොල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ගණනාවකින් එදිනට එලවළු තොග එවිමට කටයුතු නොකරන ලෙසට කල ඉල්ලිමක්…

ණය ශ්‍රේණිගත කිරීම යටතේ ශ්‍රී ලංකාව තවත් පහළට වැටේ!

ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය , ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙළිමට කටයුතු කර ඇත . ඒ අනුව ශ්‍රී ලංකාව දැන් ශ්‍රේණීගත කර ඇත්තේ සී සී තත්ත්වයේ සිට එස් ඩී තත්ත්වය හෙවත් තෝරාගත් පැහැර හැරීමේ තත්ත්වයටයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන චීනයෙන් ඍනාත්මක පිළිතුරක් !

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහ ගත කළ නොහැකි බව චීනය දන්වා ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නාලක ගොඩහේවා අද ප්‍රකාශ කර සිටී . ඒ වෙනුවට එම ණය ගෙවීමට තවත් ණයක් ලබාදීමට හැකි බවට චීනය යෝජනා කර ඇති බවයි අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත්තේ…