විදෙස්ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප හඳුන්වා දෙයි

විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා වන විශ්‍රාම වැටුප් ක්‍රමය, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දායකත්වය සහිතව අද හදුන්වා දී තිබේ. විදේශ ගතවන ශ්‍රමිකයාගේ වයස, දායකත්වයට ලබාදෙන මුදල මත ‘මනුසවි’ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප තීරණය කෙරේ. මූලිකව රුපියල් 20,000 සිට රුපියල් 50,000 දක්වා වූ මාසික විශ්‍රාම වැටුපක් ලබාගැනීමට මෙමගින් අවස්ථාව උදාවේ. දායක්වය ලබාදෙන පුද්ගලයාගේ අවශ්‍යතාවය…

බොරතෙල් කොලිටි අවුල – ගල්අඟුරු ප්‍රශ්න විසඳනෙ හැටි

මහජන උපයෝගීතා කොමිසමේ (PUCSL) සභාපතිවරයා විසින් බොරතෙල්වල ප්‍රමිතිය පිළිබඳ කරන ලද චෝදනාවලට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් (CPC) නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආනයනය කර ඇති බොරතෙල් ප්‍රමිතියෙන් තොරවීම නිසා තෙල්පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල්වලින් විදුලිය ජනනය කළ නොහැකි යැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක…

චීන ණය ගැන, තීරණාත්මක සාකච්ජා ඇරඹේ !

චීනය සමග පවතින මෙරට ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. StratNews Global සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම කටයුතු ඉහළ තලයකට ගෙනඒම නුදුරේදීම සිදුවනු ඇති බවය.

ජැකලින්ට ඇප ලැබේ !

බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් බැදුම්කරයක් මත අතුරු ඇප නියම කිරීමට දිල්ලි පටියාලා හවුස් අධිකරණය නියෝග කර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර්ට එරෙහි නඩුවක විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබුණි. ඊට අදාළව ඇය අද අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී ඉන්දීය රුපියල් 50,000ක බැදුම්කරයක් මත…

විදෙස් මිළදී ගැනීම් ඉහළට !

අද දින රු. බිලියන 4.57 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී රු. බිලියන 2.13 ක් විදේශීය මිල දී ගැනීම් ලෙස සටහන් වීම විශේෂත්වයකි. අද දින දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.43 ක් ලෙසින් වාර්තා විය. එමෙන්ම දේශීය විකිණුම් රු. බිලියන 4.21 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 354.17 ක් ලෙසින් දිනය තුළ වාර්තා…

ස්ටර්ලිං පවුම අවප්‍රමාණය වේ !

බ්‍රිතාන්‍යය ස්ටර්ලිං පවුම අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව 1.5කින් අවප්‍රමාණය වී තිබෙනවා. එය 1971 වසරෙන් පසු අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ස්ටර්ලිං පවුම වාර්තා කළ අඩුම අගය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමෙරිකානු එක්සත් ජනපද මහ බැංකුව විසින් පොලී අනුපාත අඛණ්ඩව ඉහළ දැමීම හේතුවෙන් ස්ටර්ලිං පවුම පීඩනයකට ලක්වීම සහ බ්‍රිතාන්‍යය චාන්සලර් ක්වාසි ක්වාර්ටේන්ග් විසින් ඓතිහාසික බදු කප්පාදු කිරීමේ…

IMF ණය දෙසැම්බරයේ !

එළඹෙන දෙසැම්බර් මාසය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම අනුමත වේ යැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහබැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ පී කේ ජී හරිස්චන්ද්‍ර පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම අනුමත වීමෙන් පසු 2023 වර්ෂය වනවිට මූල්‍ය පහසුකම් සපයන අනෙකුත් ආයතන ද ශ්‍රී ලංකාවට මූල්‍ය සහන සපයනු ඇති බවයි.