Huawei හිරවෙයි – Google සහය නවතී

Picture of අසංක

අසංක

ලොව දෙවන විශාලතම ජංගම දුරකතන ආයතනය වන චීනයේ Huawei සමාගමේ ඇන්රොයිඩ් ජංගම දුරකතන සඳහා මෘදුකාංග යාවත්කාලීන කිරීම හා තාක්ෂණික සහය සැපයීම අවහිර කිරීමට ගූගල් සමාගම පියවර ගෙන ඇත.

ඒ අනුව අලුතින් නිර්මාණය කෙරෙන Huawei ජංගම දුරකතන සඳහා ඇතැම් ගූගල් ඇප්ස් ඇතුලත් නොවනු ඇත.

කෙසේවෙතත් දැනට Huawei ජංගම දුරකතන හිමි පාරිභෝගිකයින්ට අඛණ්ඩව එම ඇප්ස් භාවිත කිරීමටත් එම ඇප්ස් යාවත්කාලීන කිරීමටත් හැකි බව ගූගල් ආයතනය සඳහන් කර ඇත..

ඇමෙරිකානු පරිපාලනය විසින් පසුගියදා චීනයේ හුආවි ටෙක්නොලජි සමාගම, වෙළෙඳ අසාදු ලේඛනගත කළ සමාගම් ලැයිස්තුවට ඇතුලත් කරනු ලැබුවේ ය.

ඒ යටතේ අමෙරිකානු රජයේ අනුමැතියකින් තොරව අමෙරිකානු සමාගමකින් තාක්ෂණය ලබා ගැනීම Huawei සමගමට තහනම් වේ.