ICC චෝදනාවට ලක්වූ ක්‍රීඩකයන් වෙනුවෙන් මැදිහත් වෙන්න අමාත්‍යාංශය සැරසෙයි

Picture of අසංක

අසංක

වසර තුනක් පුරා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චෝදනාවට (icc ) ලක්ව සිටින අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ යන හිටපු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයින් වෙනුවෙන් මැදිහත්විය හැකි අකාරය පිළිබඳව වහා සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ඒ අනුව ඒ සම්භන්ධව පත්කළ ත්‍රිපුද්ගල කමිටුව අද පස්වරු 3.00ට කී‍්‍රඩා අමාත්‍යංශයේදී රැස්වීමට නියමිතය.

චෝදනාවට ලක්ව සිටින එම කී‍්‍රඩකයින් තිදෙනා සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා ද මෙම කමිටුව හමුවේ අද පෙනී සිටීමට නියමිතව ඇත.

ටී – 10 තරගාවලිය සම්බන්ධයෙන් ICC දූෂණ විරෝධී නීති සංග‍්‍රහයේ වගන්ති කඩ කිරීම හේතුවෙන් අදාළ කී‍්‍රඩකයන් තිදෙනාට එරෙහිව තාවකාලික තහනමක් පැනවීමට ICCය ඉකුත්දා තීරණය කළේ ය.