නවතම පුවත්

IMF මන්ද පමා ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹීමට නියමිත එකඟතාවය ලබන වසරේ මාර්තු දක්වා පමා වෙතැයි ඇතැම් පාර්ශ්ව කරන ප්‍රකාශ පදනම් විරහිත බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීරණ මූල්‍ය පහසුකම ලබාගැනීමට අදාළ එකඟතාවය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අදාළ යෝජනාව ලබන මස වනවිට ඉදිරිපත් කිරීම මහ බැංකුවේ ඉලක්කය බවය.

නමුත් එම ඉලක්කය ගිලිහී ගියහොත් එය 2023 ජනවාරි මස සිදුකර ගැනීමට ද බලාපොරොත්තුවන බවද ඔහු පැවසීය.

ඔහු තවදුරටත් පැවසුවේ ද්විපාර්ශ්වික ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා සාර්ථකව ඉදිරියට ගෙනයන බවය.

මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“ඉන්දියාව, චීනය, ජපානය එක්ක සාකච්ඡා කරලා යම්කිසි ආකාරයකින් මූල්‍ය සහතිකය ලබාගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තු මත තමයි අපි හිතුවේ දෙසැම්බර්වල IMF එකට යන්න පුළුවන් වෙයි කියලා.”

“අපි මේක පළවෙන් වරට කරන නිසා යම් දැනුමක් ගන්න අතරේ තමයි සිදුවෙන්නේ.”

“සියලුම දේ රඳා පවතින්නේ අපි සහ අපිත් සමග සාකච්ඡා කරන ද්විපාරශ්වික කණ්ඩායම්වල එකඟතාවය මත. ඒ නිසා තමයි යම්කිසි ආකාරයක ප්‍රමාදයක් වෙලා තියෙන්නේ.”

police - speed limit
පොලීසියේ වේගසීමා උපකරණ අක්‍රියයි
Capture
ඉන්දීය උමගේ සිරවී සිටි සියලු දෙනා බේරාගනී
image-41
විශිෂ්ටම හෝටල්සේවා සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම්ලබයි !
sri-lanka-police-tear-gas
පොලීසිවල කල් ඉකුත් වූ කඳුළු ගෑස්
image-40
ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ බෞද්ධ මහාදානපති ආචාර්ය ක්වොක් සි‍යු මින්ග් මැතිතුමා
image-39
සණස සමිති 1250ක් සංවර්ධනය හරහා ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තුන් අවුරුදු සැළැස්ම එළිදක්වයි
image-38
රොෂාන් රණසිංහ ඇමතිධූරවලින් ඉවත්කෙරේ !
image-37
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි!
වැට් නොවදින තෙල්
interest-rate-decrease
පොලී අනුපාත පහළට