ලබන ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි, එකතු කළ අගය මත වන බදු (VAT) අනුපාතිකය 18% දක්වා වැඩි කිරීමට රජය තීරණය කරයි.
දැනට ක්‍රියාත්මක එකතු කළ අගය මත වන බදු (VAT) අනුපාතිකය 15%කි.
එමෙන්ම දැනට එකතු කළ අගය මත වන බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත එම බද්ද පැනවීමටද පියවර ගැනේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති පරිදි බදු ආදායම් සහ ප්‍රාථමික ශේෂ ඉලක්කයන් සපුරා ගැනීමට හැකි වන පරිදි මෙම පියවර ගන්නා බව රජය පවසයි.
ඒ අනුව නව බදු යෝජනා කිහිපයක් 2024-01-01 දින සිට ක්‍රියාත්මක කිරීමටත් අදාළ නීති සංශෝධනය කිරීම සඳහා ඊයේ පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දී ඇත.
ණය තිරසරභාවය තහවුරු කර ගැනීමේ අරමුණින් ආදායම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය සඳහා 2022 ජුනි මාසයේ සිට බදු පදනම වැඩි වන සහ වර්ධනාත්මක බදු ප්‍රතිපත්ති යෝජනා ගණනාවක් ක්‍රියාත්මක කර ඇත.
එහි ප්‍රතිඵලයක් වශයෙන් 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් මාස 09 තුළ රජයේ බදු ආදායම 51%කින් ඉහළ ගොස් තිබේ.එසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති බදු එකතු කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට මෙතෙක් හැකි වී නොමැත.