IMF එකෙන් ශ‍්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන එකහමාරක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවට ලබා දෙන හයවන ණය වාරිකය ලෙස තවත් ඇ.ඩො.බි. 1.5 ක මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත.

මේ අනුව ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි මෙරටට අදාළ ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළ කර තිබේ.

තවද ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මෙම පස්වන සමාලෝචනය 2019 මැයි මාසයේ දී සම්පූර්ණ කිරීමට නියමිත අතර එහිදී එළඹෙන මාර්තු 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2019 අයවැයෙහි විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන් ඇතුළුව මේ පිළිබඳව වැඩිදුරටත් සමාලෝචනය කර ඇත.

පැතුම් වික්‍රමරත්න