ශ්‍රී ලංකාවට සුබවාදී පණිවුඩයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අද (07) ලැබී තිබේ.
එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාව ප්‍රධාන ද්විපාර්ශ්වි ණයහිමියන්ගෙන් මූල්‍ය සහතිකයන් මේ වනවිට ලබාගෙන ඇති බවය.
එසේම 2022 සැප්තැම්බර් 01 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹි එකඟතාවය, අනුමැතිය සඳහා සලකාබැලීම වෙනුවෙන් මාර්තු 20 වනදා පැවැත්වෙන IMF විධායක මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට ද ඉන් අවස්ථාව සැලසෙයි.
එමගින් ශ්‍රී ලංකාවට අපේක්ෂිත විස්තීර්ණ මූල්‍ය පහසුකම හිමිකරගත හැකි වෙතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.