ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය සිව්වන වරටත් දිනා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්විය . අවසන් මහා තරගයේදී බොලිවුඞ් සුපිරි නලූ ෂාරුක්ඛාන් හිමිකාරීත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 27කින් චෙන්නායි සුපර් කිංග්ස් පිල හමුවේ පරාජය විය
ඩුබායි හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොල්කටා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කල අතර . ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලූ 3ක් දැවී ලකුණු 192ක් රැස් කිරීමට සමත්විය .
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 59කදී ලකුණු 86ක් රැස් කළ අතර . ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 7ක් සමගිනි . මොයීන් අලී පන්දු 20කදී නොදැවී ලකුණු 37 ක් ලබාගත්තේය . පන්දු යැවීමේ දී සුනිල් නරීන් කඩුලූ 2ක් හා ශිවම් මාවි එක් කඩුල්ලක් දවා ගත්තේය .
පිළිතුරු ඉනිම කි්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 165ක් පමනි . ආරම්භක කඩුල්ල සදහා වෙන්කටේෂ් අයියර් හා ෂුබ්මන් ගිල් ලකුණු 91ක සබදතාවයක් ගොඩ නැගුවද සෙසු පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් කොල්කටා කණ්ඩායමට පරාජය අත්විය .
අයියර් ලකුණු පන්දු 32කදී ලකුණු 50ක් රැස් කළ අතර ෂුබ්මන් ගිල් පන්දු 43කදී ලකුණු 53ක් රැස් කළේය . ආරම්භක පිතිකරුවන් හැරුණු විට කොල්කටා කණ්ඩායමේ ලකුණු 10 සීමාව පසු කළේ ශිවම් මාවි හා ලූකී ෆර්ගියුසන් පමනි .
පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් කඩුලූ 3ක් දවා ගත් අතර, ජොෂ් හේසල්වුඞ් හා රවීන්ද්‍ර ජඬේජා කඩුලූ 2 බැගින් දවා ගත්හ. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මීට පෙර අවස්ථා 3කදී අයි.පී.එල් ශූරතාව දිනා ගෙන ඇත ඒ, 2010, 2011 හා 2018 යන වසරවලදීය