ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 41වන සැසිවාරය මේ වනවිට ආරම්භ වී ඇති අතර ඒ සඳහා මෙවර එල්ටී ටී ඊ හිතවාදී දෙමල ඩයස්පෝරාව නියෝජනය කරන සංවිධානවලට අමතරව මෙරට මුස්ලිම් අන්තවාදයට සහය පලකරන සංවිධාන කිහිපයක්ද සහභාගී වීමට නියමිත බව වාර්තාවේ.
එල්ටී ටී ඊ හිතවාදී දෙමල ඩයස්පෝරාව නියෝජනය කරන සංවිධාන තිහක් පමණ මෙවර මෙම කවුන්සිලය හමුවේ කරුණු දැක්වීමට නියමිත අතර , ඊට උතුරු පලාතෙන් සී විග්නේශ්වරන්ගෙන්ද කණ්ඩායමක් පැමිණීමට නියමිත බව ජගත් සංවිධාන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී .
මුස්ලිම් අන්තවාදයට සහය පලකරන සිවිල් සංවිධාන කිහිපයද මෙවර ජගත් කවුන්සිල සැසියට සමගාමී කමිටු අවස්ථා කිහිපයකදීම කරුණු දැක්වීමට වෙලාව වෙන්කරගෙන ඇති බව වාර්තාවේ.