MCC ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇමෙරිකා එක්සත් ජනපදය  හා ශ්‍රී ලංකා රජය අතර  අත්සන් කිරීමට යෝජිතව තිබූ එම්.සී.සී. ගිවිසුමේ ඇතැම්  කරුණු මෙරට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතීපතිවරයා  විසින්ජ නාධිපති ලේකම්වරයා වෙත  අද දන්වා යවා ඇත .

පසුගිය යහපාලන රජය  සමයේ දී ඇමෙරිකාව සමඟ මෙම එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට සූදානමක් තිබුණු අතර වත්මන්   රජය බලයට පත්වීමෙන් පසුව එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කරන ලදී.

එම කමිටු වාර්තාව හා කරුණු සළකා බැලීමෙන් පසුව එම්.සී.සී. ගිවිසුමේ සමහර කරුණු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතීපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දුන් බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිණිය දැනුම් දුන්නාය.