O/L සිසුන්ගේ විෂය නිර්දේශය අවසන්කළ ප්‍රමාණ ගැන වාර්තාවක්

Picture of අසංක

අසංක

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විෂය නිරේදේශ සම්පූර්ණ කර ඇති ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මාර්ගයෙන් එම වාර්තා ලබා ගැනීමට අමාත්‍යංශය සැලසුම් කර ඇත .

ඒ අනුව සාමාන්‍ය පෙළ එක් එක් විෂයන්ට අදාළව දැනට සම්පූර්ණ කර ඇති විෂය කරුණු හා තවදුරටත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාමාලෝචනය කිරීමට සැලසුම් කර තිබේ.

ලබන ජනවාරි මස 17 වැනිදා සිට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇත.