PCR විතරක් මදි ප්‍රතිදේහ පරීක්ෂණ අරඹන්න – රසායනාගාර තාක්ෂණවේදීන්

Picture of අසංක

අසංක

දැනට පවතින තත්වය අනුව PCR පරීක්ෂණ මත පමණක්ම පදනම් නොවී, ප්‍රතිදේහ සහ ප්‍රතිදේහජනක පරීක්ෂණද (Antibody test) මහා පරිමාණයෙන් රට පුරා සිදුකල යුතු බව වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

කොරෝනා වෛරසය වැළදෙන පුද්ගලයින්ගෙන් 80 % කට පමණ රෝග ලක්ෂණ කිසිවක් මතු නොවන බැවින් , එසේ වෛරසය අසාධනය වී ඇති අය සොයා ගැනීම සඳහා කෙරෙන පරීක්‍ෂණ වඩාත් පුළුල් කල යුතු බවද එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

මාධ්‍ය කල විමසීමකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය
“වෛරසයේ සම්භවය කියන කාරණාව සඳහා එකතු කරන දත්ත වලදි මේ වෙනකොටත් අපට ගැටළු සහගත තත්වයක් ගොඩනැඟිලා තියෙනවා, ඒ තමයි සම්භවය කෙසේ වෙතත් සමහර වෙලාවල් වලට අපට විශ්වාස කරන්නට වෙනවා මේ වෙලාවෙ සමාජයේ රෝගය තිබියදී නොදැන සුවපත් වෙන ප්‍රමාණයක් සහ රෝගය තිබියදී සඟවාගෙන ඉන්න ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ අය සම්බන්ධයෙන් අපට දත්ත ලැබෙන්නෙ නෑ, බුද්ධි අංශයට දත්ත ලැබෙන්නෙත් නෑ. ඒ තත්වයත් එක්ක අපි මේක සමාජගත වීම කියලා සලකලා කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා.