PHI නිර්දේශය නැතුව සැලෝන් අරින්න බෑ

Picture of අසංක

අසංක

කොවිඩ් 19 තත්ත්වය හමුවේ තාවකාලිකව වසා දමා ඇති රූපලාවන්‍යාගාර යළි විවෘත කිරීමට අවසර ඇත්තේ නියමිත සෞඛ්‍ය උපදෙස් පරිදි සකස් කර ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් නිර්දේශ කළහොත් පමණක් බවට රජය අවධාරණය කරයි.

ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග හා රූපලාවන්‍යාගාර විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.