Port city ගොඩබිම් මෙහෙයුම් ඇරඹේ

Picture of අසංක

අසංක

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ වෙරළ සීමාවේ සහ ඊට අදාළ ගොඩබිම් ප‍්‍රදේශයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ ගිවිසුමට පසුගියදා අත්සන් තැබිණ .

මේ අනුව කොළඹ වරාය නගරයෙහි බෝට්ටු සවාරි, හෝටල්, ආපන ශාලා, නිවාස, ලැගුම්හල් ඇතුළු වෙරළ සීමාවේ සහ ඊට ආසන්නයේ ඉදිකෙරෙන ව්‍යාපෘති සහ , ශරීර සුවතා මධ්‍යස්ථාන ඇතුළු අංග කිහිපයක මූලක මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය.

මෙම මෙහෙයුම්වලින් උපයන ආදායම නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ විශේෂ ගිණමුක තැන්පත් කිරීමට සැලසුම් කර ඇත

නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ CHEC PORT CITY COLOMBO (PRIVATE) LIMITED යන ව්‍යාපෘති සමාගම අතර මීට අදාළ ත්‍රෛපාර්ශවික අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකිරීමට පියවර ගන්නා බවද අමාත්‍යාංශයේ ලේකම් ආාචාර්ය ප‍්‍රියත් බන්දු වික‍්‍රම මහතා මෙහිදී ප‍්‍රකාශ කළේය.