Pre-shoot ගන්න ගිය යුවළ සේර ඇල්ලට ඇදවැටෙයි – තරුණයා අතුරුදන්

Picture of අසංක

අසංක

ලග්ගල නකල්ස් භූමියේ පිහිටා ඇති සේර ඇල්ල ආශ්‍රිතව ඡායාරූප ලබාගැනීමට ගිය විවාහවීමට සිටි යුවලක් සේර ඇල්ලට ඇදවැටී තරුණයා අතුරුදන් වෙයි.

ඊයේ පස්වරුවේ වූ මෙම සිදුවීමෙන් තරුණිය තවත් පිරිසක් විසින් බේරා ගෙන ඇත.

ලබන මස විවාහවීමට නියමිතව සිට ඇති මෙම යුවළ සිය දෙමව්පියන් ද සමග කුරුණෑගල ප්‍රදේශයේ සිට ලග්ගල රිවස්ටන්, නකල්ස් ආදී ප්‍රදේශවල ඡායාරූප ගත කිරීම් සඳහා ගිය අවස්ථාවේ මෙම අන්තුර සිදුව ඇත.

මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.