නවතම පුවත්

ශ්‍රී ලංකාව, ලොව හොඳම රටවල් අතර ඉදිරියෙන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2024 වසරේ ,ලොව හොඳම රටවල් අතර 54 වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව නවතම ඇමෙරිකානු දත්ත වාර්තාවක් පෙන්වා දේ .

USN WORLD REPORT නම් මෙම දත්ත වාර්තාව මගින් වාර්ෂිකව ලොව හොඳම රටවල් 85ක් තෝරා පත්කරන අතර , 2024 වසරේ දී එම ලයිස්තුවේ යම් ඉහල මට්ටමකට පැමිණීමට ශ්‍රී ලංකාව මේ අනුව සමත්ව ඇත .

මෙම වාර්තාව සැකසීමේදී , විවිධ පරාසයන් යටතේ දර්ශක 10ක් භාවිතා කර ඇත . රටේ ජනතාවගේ හැකියාවන් , දක්‍ෂතා හා ඔවුන් රට වෙනුවෙන් කරන කැපකිරීම් , මෙම දර්ශක සඳහා මූලික කරගෙන ඇත .

අනුගතවීම (AGILITY ) යනු මෙහිදී සලකා බලා ඇති පළමු දර්ශකය වේ . එහිදී රටක් වශයෙන් බාධක හා ගැටළු හමුවේ නොසැලී තවදුරටත් පැවැත්ම තහවුරු කරගැනීම මෙහිදී අවධානයට ලක්කර ඇත . මෙම දර්ශකය යටතේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ලොව 80වන ස්ථානයයි.

මෙහිදී සලකා බලා ඇති දෙවන දර්ශකය වන්නේ වික්‍රමාන්විත හැකියාවන්ය. (Adventure ) . එනම් ප්‍රශ්න හා ගැටළු හමුවේ තම ජීවිතය පවත්වාගෙන යාමටත් , එම ගැටලුවලට අනුගතවෙමින් හා ඒ අනුව වෙනස්වෙමින් ඉදිරියට යාමටත් ජනතාව සතු හැකියාව මෙහිදී සලකා බැලේ . මෙම දර්ශකය යටතේ ලොව 44 වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත .

සංස්කෘතිය (Culture ) යනු මෙහිදී මෙම ලැයිස්තුව සැකසීමේදී සලකා බලා ඇති තවත් දර්ශකයකි . එහිදී රටක සංස්කෘතියේ ඇති ප්‍රබලත්වය වෙත අවධානය යොමු කෙරේ . ලංකාවේ සංගීතය මෑතක සිට ලෝකයේම ජනප්‍රිය වෙමින් පැවතීම මෙහිදී විශේෂයෙන් සලකා බලා ඇත . ඒ අනුව මෙම දර්ශකය යටතේ ලෝකයේ 59 වන තැනට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත .

ව්‍යවසායකත්වය ( Entrepreneurship ) යනු මෙහිදී සලකා බලා ඇති සිව්වන දර්ශකය වේ . එහිදී රටක ජනතාව ස්වෝත්සාහයෙන් නැගී සිට රටක ආර්ථික ක්‍රියාවලියට සහය ලබාදීම අවධානය යොමු කෙරේ . මෙම දර්ශකය යටතේ ශ්‍රී ලංකාව පසුවන්නේ ලයිස්තුවේ 66 වන ස්ථානයේය .

රටක ජාතික උරුමයන් (Heritage) ද මෙහිදී දර්ශකයක් ලෙස භාවිතා කර ඇත . එහිදී බලා ඇත්තේ රටක ඉතිහාසය , සම්ප්‍රදායන් හා උරුමයන් , එරට දියුණුව සඳහා කෙසේ බලපෑ ඇත්ද යන්නයි . ශ්‍රී ලංකාව එහිදී ලයිස්තුවේ 59 වන ස්ථානයට පැමිණ ඇත .

ඔරොත්තු දීමේ හැකියාවද මෙහිදී දර්ශකයක් ලෙස සලකා බලා ඇත .මෙහිදී විශේෂයෙන් සලකා බලා ඇත්තේ ගෝලීය අර්බුදවලදී රටේ ජනතාව සතු ඔරොත්තු දීමේ හැකියාවයි . මෙහිදී ලෝකයෙන්ම 18 වන ස්ථානයට පැමිණීමට අපගේ රට සමත්ව ඇත .

ව්‍යාපාර සඳහා සුදුසු බවද ( Open For Business ) මෙහිදී විශේෂ දර්ශකයක් ලෙස සළකා බලා ඇත .මෙහිදී සලකා බැලෙන්නේ රටේ ශ්‍රම බලකාය සතු දක්ෂතා, නිපුනතා හා ඔවුන් සමග වැඩකටයුතු කිරීමට ඇති පහසුවයි . මෙම දර්ශකය යටතේද ලොව 25 වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත .

බලය (Power ) යනු මෙම ලැයිස්තුව සැකසීමේදී සලකා බලා ඇති තවත් විශේෂ දර්ශකයකි . රටේ ආරක්ෂාව හා විදෙස් සබඳතා පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇත . මෙහිදීද ලොව 53 වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවී ඇත .

ජන ජීවිතයේ ගුණාත්මක ( Quality of life ) බව හා යහපැවැත්ම මෙහිදී සලකා බලා ඇති තවත් දර්ශකයකි . මෙහිදී , ආහාර , රැකියා , අධ්‍යාපනය , සෞඛ්‍ය වැනි සමාජයීය තත්වයන් මෙහිදී අවධානයට ලක්කර ඇත . මෙම දර්ශකය යටතේ ශ්‍රී ලංකාව සිටින්නේ 66 වන ස්ථානයේය .

මෙම USN WORLD REPORT දත්ත වාර්තාව සැකසීමේදී සලකා බලා ඇති අනෙක් දර්ශකය වන්නේ , සමාජ අරමුනයි ( Social Purpose ). මෙහිදී සලකා බැලෙන්නේ රටක නීතිය , සංහිඳියාව , නීතිය , මානව හිමිකම් , අපරාධ මැඩලීම වැනි කරුණුය . මෙම දර්ශකය අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ ලොව 77 වන ස්ථානයේය .

මේ අනුව මෙම දර්ශක සියල්ල සලකා බලා ,සකසා ඇති USN WORLD REPORT දත්ත වාර්තාවේ දැක්වෙන්නේ ලොව හොඳම රටවල් 85 අතරින් ශ්‍රී ලංකාවට සමස්ථයක් ලෙස 54 වන ස්ථානය ලැබී හිමිව ඇති බවයි . මෙහිදී දකුණු ආසියාව සලකා බලන විට ශ්‍රී ලංකාව සිටින්නේ දෙවන ස්ථානයේය . එහි පළමු තැන ඉන්දියාවට හිමිව ඇත . එසේම සමස්ථ ආසියාව සලකා බලන විටද ශ්‍රී ලංකාව පසුවන්නේ 7 වන ස්ථානයේය .

සම්පූර්ණ වාර්තාව මෙතැනින්

GDP
මෙරට ආර්ථිකයේ වර්ධනයක්
image-5
ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට තරු පංතියේ හෝටලයක අගනා අත්දැකීමක්
image-4
Earthfoam සමාගම සිය රබර් ගොවීන්ගේ දරුවන් 1,900කට රු. මිලියන 15කට වැඩි වටිනාකමකින් යුතු පාසැල් බෑග් හා පොත් පිරිනමයි.
image-3
වසර හතරකට පසු ජපානයේ Sri Lanka Festival ජූනි 15/16.
imf ddr
IMF වෙතින් සුභ පණිවුඩයක් !
electricity
ලංවිම යෝජනා කළ ලබන මාසේ සිට අඩුවන විදුලි ගාස්තුව
image-1
රු. බිලියනයක Beliatha සූර්යබල ව්‍යාපෘතියට විදුල්ලංකා ගිවිසුම් අත්සන් තබයි
remittens
විදෙස් ශ්‍රමිකයන් මැයි මාසෙට ඩොලර් මිලියන 544 ක් එවයි
image
ළඟදීම ශ්‍රී ලංකාවට එන ඉලෝන් මස්ක්ගේ StarLink ගාස්තු මෙන්න..
BWIO-1
Business World Internationalසම්මාන උළෙලටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ