STF ඇතුළෙත් කොරෝනා පොකුරක් හැදෙන ලකුණු

Picture of අසංක

අසංක

covid-19 මර්දනය කරන මෙහෙයුමේ සිටින පොලිස් නිලධාරීන් 170 දෙනකුට මේ වන විට වෛරසය ආසාදනය වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ 23 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු විය.

මේ අනුව විශේෂ කාර්ය බළකාය තුළ covid පොකුරක් නිර්මාණය වීමක් පෙන්නුම් කරන බව වාර්තා වේ.

වෛද්‍යවරුන් හෙද නිලධාරීන් අතර මෙන්ම පොලිස් නිලධාරීන් අතර වෛරසය පැතිර යාම හේතුවෙන් වසංගත පාලන කටයුතු අඩාල වීමේ අවදානමක් මතුව තිබේ.