STF වැටලීමකින් වැලිගමදී මත්කුඩු කිලෝ 100ක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

ඉතාලියට පලාගොස් සිටින දකුණේ සංවිධානාත්මක අපරාධකරුවකු විසින් මෙහෙයවන ලද මත්කුඩු ජාලයක තොරතුරු හෙළි කරගත් පොලිස් විශේෂ කාර්යය බලකාය හෙරොයින් කිලෝ සීයක් සමග සැකපිට තිදෙනෙක් අද (20) සවස ගාල්ල වැලිගම දී අත්අඩංගුවට ගනු ලැබීය.

විශේෂ කාර්ය බලකාය දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද විමර්ශනයකට අනුව ලද තොරතුරු අනුව එම වැටලීම කර තිබේ.

පාකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ දකුණු මුහුදු තීරයෙන් රැගෙන විත් සඟවා තැබූ මෙම හෙරොයින් තොගය කුරුඳු වත්තක දී හුවමාරුවක් සිදුවන අවස්ථාවේ විශේෂ කාර්‍ය බලකාය එම ස්ථානයට ගොස් අත්අඩංගුවට ගැනීම කර තිබේ.

මෙම හෙරොයින්වල වටිනාකම කෝටි 100ක්ම වන බවත් සැකකරුවන් දෙදෙනෙක් දකුණේ අය බවත් එක් අයෙක් කොළඹ පදිංචි අයකු බවත් විශේෂ කාර බලකාය සඳහන් කරයි.

සැකකරුවන්ගේ මත්කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් තිබේ.