“ද නිව්ස් පේපර්” චිත්‍රපටය අමෙරිකාවේ කැලිෆෝනියාහි The IndieFEST Film සම්මාන උළළේදී විශේෂ ඇගයුම් සම්මානයෙන් පිදුම් ලබා ඇත.
චිත්‍රපටයට හිමි වූ සම්මාන සහතිකය අද (08) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් වෙත පිළිගන්විණ.
ඉතාලිය, අමෙරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ලෙබනන්, සිරියාව, ස්විට්සර්ලන්තය සහ එංගලන්තය ඇතුළු රටවල් රැසක් සම්මාන උළෙලට නිර්මාණ ඉදිරිපත් කර තිබිණ.
විමුක්තිය, සමාජ සාධාරණත්වය සහ විරෝධාකල්ප විදහා පෑ සුවිශේෂ නිර්මාණයක් ලෙස “ද නිව්ස් පේපර්” චිත්‍රපටය The IndieFEST Film කමිටුවේ ඇගයීමට ලක් විය.
“ද නිව්ස් පේපර්” චිත්‍රපටය සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර මහත්වරුන්ගේ සම අධ්‍යක්ෂණයකි.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී. ප්‍රේමසිරි මහත්වරු සම-නිෂ්පාදකයෝ වෙති.