නවතම පුවත්

ආණ්ඩුවේ බහුතරය නැති කරන්න විමල් මෙහෙයුමක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අවලස්සන ඇමරිකානුවෙක් තියාගෙන මේ ගමන යාමට නොහැකි බවත් ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැතිකර වත්මන් උද්දච්ච පාලනය අහෝසි කරන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මහනුවරදී පැවසීය .

ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 මගින් ඉදිරිපත් කළ රට හරිමගට ජාතික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් වහන්සේලා දැනුවත් කිරීම සඳහා අද (24දා) මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි .

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.


ඉදිරියේදී රාජපක්ෂවරු කිසිවකුත් බලයට ගේන්න කිසිදු කැපකිරීමක් අපි කරන්නේ නැහැ . අපගේ මේ වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මාවත් ගම්මන්පිල ඇමැතිවරයාත් ආණ්ඩුවෙන් ඉවත් කෙරුණා . පක්ෂ 11 මගින් ජනගත කළ වැඩපිළිවෙළ මහ නායක හිමිවරුන්ට අද පිළිගන්න වෙලා . අපේ ඉදිරි ගමන් මාර්ගය සම්බන්ධව උන්වහන්සේලා දැනුවත් කළා .

මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාව පාවිච්චි කරනවද එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහතා පාවිච්චි වෙනවද කියල කියල අපි දන්නෙ නැහැ . සර්ව සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්නේ හැමෝම එකතු වෙලා වැඩ කරන්නයි . හිටපු අගමැතිවරයෙකුට ඔයා කියලා කතා කරන්න තරම් උද්දච්ච මිනිහෙක් කියලා මෙතනදී මුදල් ඇමැතිවරයා පෙන්නුවා . 

Chinese-tourists
යුද්ධයෙන් පසු මෙරට වැඩිම සංචාරක පැමිණී‍මේ වාර්තාව අභියස
image-17
සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි!
interest rates 2024
පොලී අනුපාතවල වෙනසක්
image-16
ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්
Exports Increasing Meaning Business Graph And Financial
අපනයන ආදායම ඩොලර් බිලියනය පනී !
image-15
"නිල් තිර මරණය" (Blue Screen Death) ගැන සම්පූර්ණ විස්තරය මෙන්න !
WhatsApp-Image-2024-07-18-at-15.49
බැඩ්මින්ටන් පුහුණුවට මෙරටට එන්න එතෙරින් ඉල්ලුමක්….
image-14
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට!
image-13
මහ බැංකුව ඩොලර් විකුණයි !
electricity
විදුලි ගාස්තු අඩුවෙයි