නවතම පුවත්

ඉන්දීය උමගේ සිරවී සිටි සියලු දෙනා බේරාගනී

අසංක

අසංක

(රමේෂ් වරල්ලෙගම)

ඉන්දියාවේ උත්තරකාන්ද් හි සිල්ක්යාරා උමං මාර්ගයේ කොටසක් කඩා වැටීම හේතුවෙන් දින 17 ක් තිස්සේ සිරවී සිටි කම්කරුවන් 41 දෙනා සාර්ථකව මුදා ගැනීමට ඉන්දයීය සහන සේවකයින් සමත් වීීී ඇත.

පසුගිය නොවැම්බර් 12 වැනිදා සිට මෙම කම්කරුවෝ උමග තුළ සිරවී සිටියහ.ඉන්දීය ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය මෙම කම්කරුවන්ගේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම භාරව කටයුතු කළේය.

ඉදිකෙරෙමින් පවතින චාර්ධම් අධිවේගී මාර්ගයේ කොටසක මොවුන් සිරවී සිටි දින 17 පුරාවට කෑම,ජලය සහ ඔක්සිජන් මීටර් 53 ක් දිග බටයක් මාර්ගයෙන් දෙනු ලැබීය.

එසේම වෛද්‍යවරුන් එම ස්ථානයේ රැඳී සිටිමින් ඔවුන්ට සන්සුන්ව සිටීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

විශේෂ කරුණ නම් සිදුරේ අවසන් මීටර් 2 සහන සේවකයන් අතින් හාරා තිබීමයි.

image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)
image-13
ජනපති සටනට එන අපේක්ෂකයින් මෙන්න !
image-10
කඳුකර දෙමළ ජනතාවගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමට සෑම රජයක්ම අපොහොසත්වෙලා !
image-9
මැලිබන් සභාපති අභාවයට මහාබෝධියේ ශෝකය.
image-8
අධිකරණයට යලිත් අපහාස කිරීම සම්බන්ධයෙන් DSI සැම්සන් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන්ට අධිකරණයෙන් නැවත සිතාසි!!
Dinesh-Gunawardena-scaled
රනිල් දිනවන්න, දිනේෂ්ගෙන් සන්ධානයක් !
image-7
බංගලි අරගලකරුවෝ , හෝටලයක් ගිනි තියයි, 24ක් මරුට!