නවතම පුවත්

විශිෂ්ටම හෝටල්සේවා සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම්ලබයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

Business World International Organization සංවිධානය කළ  Lanka Business Award සම්මාන ප්රදාන උත්සවයේදී  Ranyan Industrires හි අමාමී සන්නාමය විශිෂ්ටම හෝටල් සේවා සැපැයුම්කරු සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ Taj Samudra හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී අමාමී නි්ර්මාතෘ රනිල් සිල්වා මහතා ප්රමුඛ අධ්යක්ෂ මණ්ඩලය වෙත සම්මානය පිරිනමන ලදී. සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල  (Amenity Kit)  නිෂ්පාදනය සහ සැපැයුම්කරණය ශ්රී ලංකාවේ ප්රථම වරට ඇරඹූ  (Amami)    අමාමී සන්නාමය  (www.hotelsupplies.lk)  වර්තමානයේදී එයාර් ෆ්රෙෂ්නර්, ෂැම්පු, ෂවර් ජෙල්, ටූත්පේස්ට්, ග්ලිසරින් සබන්, සුවද කැට, සියලුම සේදුම්කාරක, ආයුර්වේද හා ස්වභාවික ශාකසාර නිෂ්පාදන රැසක් නිපදවයි. ව්යවසායකයෙකු ලෙස දුෂ්කර ගමනකින් පසු අද සාර්ථක ප්රතිඵල අත්විඳින අමාමි නිෂ්පාදන 0777576639 සඳහා සංචාරකයන්ගෙන්ද ඉහළ ප්රතිචාර ලැබී ඇත. එම නිෂ්පාදන ජෙට්වින්, රමාඩා, ගෝල්ෆේස්, අනන්තය ආදී ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ හෝටල් රැසකට සපයයි. සමාගම සියලුම නිෂ්පාදන දේශීය අමුදව්යවලින් මෙරටදීම නිපදවන අතර පනහකට අධික පිරිසකට රැකියා සපයා ඇත.

දශක තුනක අපේ නිෂ්පාදන හා සේවාවල විශිෂ්ටත්වය තහවුරු කරමින් මේ සම්මානය හිමිවීම පිළිබදව මම සතුටු වෙනවා. සංචාරක හෝටල්වලට පැමිණෙන සංචාරකයන් උදෙසා සුවඳවත් සහ සෞඛ්යාරක්ෂිත නිෂ්පාදන සපයමින් අපි අපේ ව්යාපාරයේ විශිෂ්ටත්වය තහවුරු කළා. ආයුර්වේද සහතික හා  ISO 9001 තත්ත්ව සහතික ලබා ඇති අපට මෙම සම්මානය තවත් ධෛර්යයක් වෙනවා. ඉදිරියේදී අපි ආයුර්වේද නිෂ්පාදන රැසකුත් වෙළෙඳපොළට හඳුන්වා දෙනවා. පියවරින් පියවර ඉදිරියට අපේ ව්යාපාරයේ වගකීම් මගේ දියණිය හර්ෂලා සහ පුතා රනුක වෙත බාර දී මම ඔවුන්ට උපදෙස් දෙමින් දැන් කටයුතු කරනවා. මේ හැම දෙයක්ම සාර්ථකත්වයට රැගෙන ගිය මගේ ප්රධානම ශක්තිය වන ආදරණීය බිරිඳ වෛද් ප්රියානි සිල්වාටත්, මගේ ව්යාපාර දිවියට සවියක් වූ ගැනුම්කරුවන්ටත්, පාරිභෝගිකයන්ටත්, කාර්ය මණ්ඩලයටත් විශේෂයෙන් අපේ වෙළෙද ප්රචාරණ ආයතනය හැටියට කටයුතු කරන රෙවෝ ඇඞ්වර්ටයිසින් ආයතනය වෙතත් ස්තූතිය පුද කරනවා.” රනිල් සිල්වා මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්