BREAKING NEWSසේයාරූ


Share now!

ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි රත්නපුරය, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය, මාතර දිස්ත්‍රික්වල නායයෑම් අවදානම් ප්‍රදේශ පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතරු අගවා තිබේ.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට ඉවත් වීමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, කිරිඇල්ල, ඉඹුල්පේ, බලංගොඩ, සහ ගොඩකවෙල ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසට දන්වා ඇත.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඇහැලියගොඩ, අයගම, කොළොන්න, කුරුවිට සහ ඇලපාත ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශවලට අවධානයෙන් සිට අවශ්‍ය වුව‍හොත් ආරක්ෂිත ස්ථාන කරා යාමට සූදානම්ව සිටින ලෙසට දන්වා ඇත.

නායයාම් අනතුරු ඇගවීම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.