නව මැගසින් බන්ධනාගාරයෙත් උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක්

Picture of අසංක

අසංක

හෙට (07) සිට ඇරඹෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් දෙදෙනකු සහ සැකකරුවකු ඇතුළු 3 දෙනෙක් මුහුණදීමට සූදානම් වෙති.

ඒ අනුව නව මැගසින් බන්ධනාගාරයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයේ දී වයස අවුරුදු 43 ක හා 46 ක සිරකරුවන් දෙදෙනෙකු හා වයස අවුරුදු 38 ක එල්.ටී.ටී.ඊ. විශේෂ ගණයේ සැකකරුවෙකු ද උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ය.

විවිධ චෝදනාවලට ලක් වී බන්ධනාගරගතව සිටින සිරකරුවන් , සැකකරුවන්, පුනරුථාත්පන සංකල්පය සාක්ෂාත්කර ගැනීම සඳහා විශේෂ හැකියාවන් සහිත සිරකරුවන්, සැකකරුවන් උසස් අධ්‍යාපන කටයුතුවලට යොමු කරවමින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රටේ පවතින කොවිඩ් වසංගතය හමුවේ වුවද එම පුනරුත්ථාපන ක්‍රියාවලිය මඟ නොහැර නේවාසිකයින්ගේ ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් යොමු කිරීම හා ඊට අවශ්‍ය පහසුකම් සලසා දීම බන්ධනාගාර දෙපාරතමේන්තුවේ පුනරුත්ථාපන අංශයේ විශේෂ කාර්ය භාර්යයක් ලෙස එම දෙපාර්තමේන්තුව සළකනු ලබයි.