නවසීලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන අවසන් පූර්ව ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් නතර කර තිබේ.
තරගය නතර කරන විට නවසීලන්තය පන්දුවාර 46කදී කඩුළු 5ක් දැවී ලකුණු 211ක් රැස් කර තිබුණි.
පළමු වටයේ තරග 4ක් වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය.
වැස්සොත් මොකද වෙන්නේ?
තවදුරටත් වර්ෂාව පැවතියහොත් හෙට දිනය අතිරේක දිනයක් ලෙස නම් කර ඇති බැවින් තරගය යළි හෙට ආරම්භ වනු ඇත.
හෙට දිනයේත් වැසි පැවතියහොත් අවසාන තරගයට සහබාගී වීමේ වාසනාව හිමිවන්නේ ඉන්දීය කණඩායමටයි.
ඒ ඔවුන් ප්‍රසාද ලකුණුවලින් ඉදිරියෙන් සිටීම හේතුවෙනි.