නවතම පුවත්

බෝරා මුස්ලිම් සමුළුව නිසා කොළඹ මාර්ග ගැටළු රැසක් – විදෙස් පුද්ගලයන් රථ වාහන හසුරවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බෝරා සමුළුව නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වී ඇති බව thecolomboexpress අප කල සොයා බැලිමේදී දැනගන්න ලැබුණා විශේෂයෙන්ම බම්බලපිටිය හා කොල්ලුපිටිය ප්‍රදේශයේ මැරීන් ඩ්‍ර්යිව් මාර්ගය වසා දමා ඇති නිසා ගාලු පාර හොරණ කොළඹ පාර සහ හයිලෙවල් මාර්ගවල පවා රථවාහන වල යම් වැඩිවීමක් සහ අවහිරතා ඇතිව කිබෙනවා එලෙසම බම්මබලපිටිය හා කොල්ලුපිටියේ ගාලු පාරේ සිට මැරීන් ඩ්‍ර්යිව් මාර්ගවයට පිවිසෙන අතුරු මාර්ග බොහෝමයක් වසා දමා ඇති නිසා රාජ්‍ය සේවකයන් හා ඒ ප්‍රදේශයේ කටයුතු කරන පෞද්ගලික ආයතන වල සේවකයන් දැඩි අපහසුතාවයකට පත්ව තිබුණා.

 එසේම බෝරා මුස්ලිම් සමුළුවට ආරක්ෂාවට යැයි පවසමින් අරාබි අකුරු සහිත ඇදුම් ඇද සිටින බෝරා සමුළුවේ විදේශිය ආරක්ෂකයින් රථවාහන හැසිරවීම නිසා අපහසුතාවයට පත්වූවන් සමාජ මාධ්‍ය ඔස්සේ එය දැඩි විචේනයට ලක්කර තිබුණා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි මගීන් රැසක් පසුගිය දින කිහිපයේ දැඩි අසීරුතාවකට පත් වුණා. නිසි කළමණාකාරීත්වයක් නොමැති වීම මෙම තත්ත්වයට ප‍්‍රධාන හේතුවක් බව පැහැදිලි විය.

බම්බලපිටිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බෝරා සමුළුවට සහභාගී වීම සඳහා විදෙස් රටවල සිට විශාල පිරිසක් පසුගිය දින කිහිපයේ මෙරටට පැමිණියා. එලෙස පැමිණි පිරිස විසි තිස් එක්දහසකට අධිකයි.

මේ අයුරින් විශාල පිරිසක් පැමිණිය ද ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපළේ අළුතින් කවුළු හෝ විවෘත කර නොතිබූ බව අප කල සොයා බැලීමකදී හෙළි වුණේ.

මේ හේතුවෙන් විදේශිකයින් මෙන්ම ශ්‍රී ලාංකික ගුවන් මගීන් ද දැඩි අපහසුතාවකට පත් වුණා. ගමන් මලූ නිදහස් කරගැනීමේ කටයුතුවලදී ද ගුවන් මගීන් ගැටලූ රැසකට මුහුණ පෑ බවයි

ගුවන් තොටුපළේ  තත්ත්වය පිළිබඳ අදහස් පළ කළ වාර්තාකරුවන් කියා සිටියේ බෝරා සමුළුව හේතුවෙන් දිනකට මගීන් 7000ත් 8000ත් අතර ප්‍රමාණයක් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ පැමිණි බවයි. ඔවුන් රැගෙන යාමට පැමිණි රථවාහන නිසා ද දැඩි තදබදයක් ඇතිව තිබූ බවයි පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් ඊයේ සහ අද අප ඒ ප්‍රදේශයේ කල විමසීමේදී, දැකගත හැකි වූයේ බම්බලපිටිය හා කොල්ලුපිටිය ප්‍රදේශයේ නිසි රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක නොවන ආකාරයයි. බෝරා සමුළුව හේතුවෙන් බම්බලපිටිය මුහුදු මාවත කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පැවසුවා. 


 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්