හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නව ඖෂධ කර්මාන්තශාලා 03 මාස 30 ක් ඇතුළත ඉදිකර අවසන් කිරීමට සැකසුම් කර ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි
ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 64 ක භූමි ප්‍රදේශයක් ලබාගැනීමට අදාළ අවබෝධතා ගිවිසුමකට ඊයේ අත්සන් තැබුණු බවද රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන.මහතා මෙසේද පැවසීය
මේ සඳහා රුපියල් බිලියන 12 ක මුදලක් වැයකර තිබෙනවා , ඖෂධ හිඟයක් ඇතිනොවීම සඳහා මෙරට තුලම මෙරටට අවශ්‍ය සියලු ඖෂධ නිෂ්පාදනය කිරීම අපගේ අරමුනයි
\