නවතම පුවත්

රේණුකා එම් වීරකෝන් මහත්මිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරේ.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) ලෙස රේණුකා එම් වීරකෝන් මහත්මිය පත් කර ඇත . අදාළ පත්වීම් ලිපිය ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරි වෙත ලබා දිම අද (07) ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන අමාත්‍යාංශයේදි සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු රාජා එදිරිසූරිය,අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත යන මහත්වරුන් ඇතුළු අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

වීරකෝන් මහත්මිය වසර 27 කට වැඩි කාලයක් ආයෝජන මණ්ඩලයේ සේවය කර ඇති අතර, ප්‍රධාන දෙපාර්තමේන්තු ගණනාවක ජ්‍යෙෂ්ඨ තනතුරු දරමින් සිය සේවය ප්‍රශංසණිය ලෙස ආයතනය වෙත ලබා දි ඇත. අධ්‍යක්ෂ ජනරාල්වරිය විමට පෙර ව්‍යාපෘති අධීක්ෂණ විධායක අධ්‍යක්ෂ ලෙසත්, ඊට පෙර ආයෝජන සහ ප්‍රවර්ධන විධායක අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කර ඇත. සභාපති ලේකම් කාර්යාලය, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ ප්‍රාදේශීය සංවර්ධන සහ විශේෂ ව්‍යාපෘති වැනි ප්‍රධාන දෙපාර්තමේන්තු ගනනාවක ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් ලෙසද කටයුතු කර ඇති ඇයට අත්දැකීම් සම්භාරයක් ඇත.

වීරකෝන් මහත්මිය බීජිං හි පැවති යෝජිත ශ්‍රී ලංකා-චීන නිදහස් වෙළද ගිවිසුම් හි දෙවන වටයේ සාකච්ඡා, වොෂින්ටනයේ එක්සත් ජනපද-ශ්‍රී ලංකා වෙළඳ සහ ආයෝජන ගිවිසුම යටතේ ඒකාබද්ධ කවුන්සිලය සහ බාහිර ආයෝජන ප්‍රවර්ධන මෙහෙයුම් ඇතුළු දේශීය හා ජාත්‍යන්තර සංසදවලදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නියෝජනය කර ඇත.

ආයෝජකයින් මුහුණ දෙන ගැටළු විසඳීමට සහ ආයෝජන ව්‍යාපෘති කඩිනම් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන මෙහෙයුම් කමිටු, ප්‍රතිපත්ති කමිටු සහ අන්තර් නියෝජිතායතන කමිටුවල ක්‍රියාකාරී සාමාජිකාවක් වී ඇත.

වීරකෝන් මහත්මිය වෘත්තියෙන් නීතීඥවරියක් වන අතර වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති අතර කොළඹ ප්‍රමුඛ පෙළේ නීති ආයතනයක උපදේශක නීතිඥවරියක් ලෙස සිය සේවා ජීවිතය ආරම්භ කළාය. ඇය බලපත්‍රලාභී නොතාරිස්වරියක් සහ දිවුරුම් කොමසාරිස්වරියක් ද වේ. ඊට අමතරව ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත

Chinese-tourists
යුද්ධයෙන් පසු මෙරට වැඩිම සංචාරක පැමිණී‍මේ වාර්තාව අභියස
image-17
සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි!
interest rates 2024
පොලී අනුපාතවල වෙනසක්
image-16
ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්
Exports Increasing Meaning Business Graph And Financial
අපනයන ආදායම ඩොලර් බිලියනය පනී !
image-15
"නිල් තිර මරණය" (Blue Screen Death) ගැන සම්පූර්ණ විස්තරය මෙන්න !
WhatsApp-Image-2024-07-18-at-15.49
බැඩ්මින්ටන් පුහුණුවට මෙරටට එන්න එතෙරින් ඉල්ලුමක්….
image-14
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට!
image-13
මහ බැංකුව ඩොලර් විකුණයි !
electricity
විදුලි ගාස්තු අඩුවෙයි