gr

රේගුවේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ බහලුම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනපති උපදෙස්

රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කීය. එළැඹෙන උත්සව සමයේ දී ජනතාවට හිඟයකින් තොරව…

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දාන්නේ නෑ

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමත් ඩොලරයේ අගය ඉහළ යාමත් ආදී කරුණ ගණනාවක් හේතුවෙන් රට තුළ ඉතා දුෂ්කර තත්ත්වයක් මතුව ඇතත් සිපෙට්කෝ තෙල් මිල වැඩිකිරීමට අදහසක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසයි. මතුව ඇති දුෂ්කර තත්ත්වය හැකිතාක් ජනතාවට නොදීමට රජය උත්සාහ කරන බව අමාත්‍යවරයා කියාසිටියේ ලංකා අයිඕසී ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ලංකා…

රොනාල්ඩෝගෙන් සමාජ මාධ්‍ය වාර්තාවක්!

ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ අනුගාමික ග්‍රාහකයින් මිලියන 400 ඉක්මවු පළමු පුද්ගලයා බවට පත්වීමට පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්ව තිබේ. එමෙන්ම ඔහුගේ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම දැඩි ග්‍රාහක පරිශිලින ඉල්ලුමක් පවතින සමාජ මාධ්‍ය ගිණුම් අතර ද ප්‍රධාන ස්ථානයක් හිමිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අනුගාමික ග්‍රාහකයින් සංඛ්‍යාව මිලියන 469ක්…

රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ උඩුකය පිළිරුවක් ශ්‍රී පාලි මණ්ඩපයේ දී නිරාවරණය කෙරේ!

නොබෙල් ත්‍යාගලාභී ගුරුදේව් රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ ශ්‍රී ලංකා සංචාරයේ 100 වන සංවත්සරය නිමිත්තෙන්, කොළඹ විශ්ව විද්‍යාලය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හා එක්ව රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ උඩුකය පිළිරුවක් ශ්‍රී පාලි මණ්ඩපයේ දී නිරාවරණය කිරීමේ උත්සවයක් 2022 පෙබරවාරි 3 වන දින සංවිධානය කර තිබිණ. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා සහ ගෞරවනීය අමුත්තන් ලෙස…

රේණුකා එම් වීරකෝන් මහත්මිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) ලෙස රේණුකා එම් වීරකෝන් මහත්මිය පත් කර ඇත . අදාළ පත්වීම් ලිපිය ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරි වෙත ලබා දිම අද (07) ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන අමාත්‍යාංශයේදි සිදු කෙරිණි. මෙම අවස්ථාවට…

විශාලතම රාජ්‍ය ආයතන පහ , දිනකට රු. මිලියන 384ක් පාඩු ලබනවා !

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය ව්‍යාපාර 5 වන, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව,ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ස.තො.ස,ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක් දිනක් තුළ දී ලබන පාඩුව රු. මිලියන 384 ක් බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඇඩ්වොකාටා ආයතනයේ වෙබ් අඩවියේ අද (07) දිනයේ දී පළ වූ වාර්තාවක් පහතින් දැක්වේ. ‘ගියපාර ලියපු මගේ articel…

එන්නත්කරණයට ලක්වූ සංචාරකයින්ට ඕස්ට්‍රේලියාවේ දොර ඇරේ !

පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් වූ සංචාරකයින්ට තම රටට ඇතුළු වීමට ඔස්ට්‍රේලියාව අවසර ලබා දී තිබේ. ඒ අනුව මේ මස 21 වනදා සිට යළි සංචාරකයින් සඳහා දේශ සීමා විවෘත කෙරෙන අතර වසර දෙකකට පමණ පසුව එම තීරණය ගැනීම විශේෂත්වයක් වේ. එසේම මෙසේ ඔස්ට්‍රේලියාව තැන දේශ සීමා විවෘත කරනුයේ , එරට කොවිඩ් ව්‍යාප්තිය ඉතා ඉහල මට්ටමක පවතින…

“දුනිත් වෙල්ලාලගේ” , ලොව වටිනාම යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් 11දෙනා අතරට !

යොවුන් ලෝක කුසලාන තරගාවලියේ වඩාත් වටිනාම ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩකයාවද මෙවර   නම්කර තිබේ.. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේ ඔහුය. දුනිත් හිමිකරගත් කඩුලු ගණන 17කි. එසේම පිතිකරුවෙක් ලෙස ඔහු ලබාගත් ලකුණු ගණන 264කි. එම කණ්ඩායම මෙසේය… හසීබුල්ලා ඛාන් (පාකිස්තානය) ටීග් විලී (ඔස්ට්‍රේලියාව) ඩිවෝල්ඩ් බ්‍රෙවිස් (දකුණු අප්‍රිකාව) යෂ් ධුල් (ඉන්දියාව) ටොප් ප්‍රෙස්ට්…

උතුරු කොරියාවේ “හැකරුන්” ලොවම හොල්ලයි !

උතුරු කොරියානු හැකරුන් විසින් මිලියන ගණනක ක්‍රිප්ටෝ මුදල් සොරකම් කර එම මුදල් එරට මිසයිල වැඩසටහන සඳහා යොදවා ඇතිබව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එම සංවිධානයේ පර්යේෂකයින් පවසන්නේ 2020 සිට 2021 මැද භාගය දක්වා වූ කාලය තුළ ඩොලර් මිලියන 50ක පමණ ක්‍රිප්ටෝ මුදල් උතුරු කොරියානු හැකරුන් විසින් සොරකම් කර බවයි  . එම තොරතුරු එක්සත් ජාතීන්ගේ සම්බාධක කමිටුවට…