සයිබර් ප්‍රහාරවලින් ගැලවීමට බයිඩන්ගෙන් අලුත් නියෝගයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනය සහ රුසියාව වැනි රටවලින් අමෙරිකානුවන්ගේ දත්ත වඩා හොඳින් ආරක්ෂා කිරීම අරමුණු කරගත් නියෝගයක් සඳහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර අදාළ රටවල් දෙකට අමතරව කියුබාව, වෙනිසියුලාව, ඉරානය සහ උතුරු කොරියාව ද අයත් වෙයි.

බුද්ධි අංශ වාර්තා කර ඇති අන්දමට අමෙරිකාවේ ප්‍රතිවිරුද්ධ මතධාරීන් වැඩි වශයෙන් අමෙරිකාවේ දත්ත උපායමාර්ගික සම්පතක් ලෙස සලකන බව පැවසෙයි.

සයිබර් අපරාධකරුවන්ට එවැනි තොරතුරු ඉහළ වටිනාකමක් ඇති බවත් චීනය සහ රුසියාව එවැනි තර්ජන ඇති ප්‍රබලතම රටවල් බවත් අමෙරිකාවේ මතය වෙයි.