නවතම පුවත්

සැක කටයුතු ධීවර යාත්‍රා හතරක් මුහුදේදී නාවික හමුදා බාරයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාප සීමාවේ මුර සංචාරයේ යෙදි සිටි නාවික හමුදාවට අයත් නෞකාවක් විසින් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ධනුජි, සුභ පැතුම් 4, ලක්ප්‍රිය දේහි සහ නලින් 10 යන බහුදින ධීවර යාත්‍රාවන් මාලදිවයිනට අයත් මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදුණු බවට නිරික්‍ෂණය කර ඇත.

ඒ අනුව, නාවික හමුදාව මඟින් එම ධීවර යාත්‍රා සහ යාත්‍රාවල සිටි පුද්ගලයින් 27 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ සහ ගාල්ල වරායන් වෙත රැගෙන ඒමට අද (සැප්තැම්බර් 16) කටයුතු කරන ලදී. මෙහිදී එම ධීවර යාත්‍රාවන් තුල සිදු කළ වැඩිදුර සෝදිසි කිරීමේදී එක් යාත්‍රාවක් තුල තිබී අයිස් නැමැති මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය.

තවද, මෙම යාත්‍රා මත්ද්‍රව්‍ය ජාවාරම් සමඟ සබඳතාවයක් තිබේදැයි සොයා බැලිම සඳහා විමර්ශනය කරමින් සිටින අතර, නාවික හමුදා බාරයට ගන්නා අවස්ථාවේදී මෙම යාත්‍රාවල තිබූ මත්ස්‍ය තොග සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතය.   

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්