නවතම පුවත්

සීබීරය ගිනි ගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වස්කඩුවේ සිරිසරණ හිමි රුසියාවේ සිට ලියයි..!

රුසියානු ස්වාභාවික පරිසරයේ හදවත බදු සීබිර් (Siberia) ප්‍රදේශයේ දින කිහිපයක පටන් ලැව්ගිනි පවතී. ලැව්ගින්න මේ වන විට හෙක්ටයාර මිලියන 3කට (ලංකාව මෙන් කිහිප ගුණයක්) ආසන්න භූමි ප්‍රදේශයක් පුරා විසර ඇති බව නවත ම වාර්තාවන් හි දැක් වෙයි. ලෝකප්‍රසිද්ධ බයික්කාල් විලට උතුරින් ඇති ප්‍රදේශයේ මෙම ලැව්ගින්න වැඩිපුරම පැතර ගොස් තිබේ. මෙම ගින්න හේතුවෙන් අති සංවේදී පරිසර කලාපයක් වූ මෙම සීබිර් පරිසර කලාපය දැඩි අවධානමකට මුහුණ පා ඇත. වසරේ වැඩි කාලයක් සීත කාලගුණයක් පවතින සිබීරයේ මෙවර ගිම්හාන උනුසුමත් සමග මෙම ලැව්ගිනි පිළිබද වාර්තා විය. ඉර්කුත්ස්, කරස්නයාර්ස්ක් සහ බුර්යාතිය යන පළාත් මෙම ලැව්ගින්නේ බලපෑමට වැඩිපුර ම ලක් ව ඇති අතර එම ප්‍රදේශ දින කිහිපයක් පුරා දුමෙන් වැසී පවතී. එමෙන් ම මෙම ලැව් ගින්නේ ඇති වූ දුම් වලා මේ වන විට සැතැපුම් දහස් ගණනක් ඈතින් පිහිටි උරාල් ප්‍රදේශය කරා ද පැතිර ගොස් ය. විශාල ආර්ථික වියදමක් යන බැව් පවසා නිසි ආකාරයෙන් ලැව් ගිනි මැඩපැවැත්වීමට ක්‍රියා නොකැළැයි මොස්කව් පාලනයය මේ වෙනවිට චෝදනා එල්ල වෙමින් පවතී. ලැව්ගිනි හේතුවෙන් එම පලාත්හි ජනවීතය අඩාල වී ඇත. ගස්කොළ පමණක් නොව සීබ්ර් කලාපයේ ජීවත්වන අතිවිශාල සත්ත්ව ගහණයට ද මේ තුළින් දැඩි බලපෑමක් එල්ල වී ඇති බැවින් ලැව්ගිනි නිවීමේ රුසියානු රජයේ මන්දගාමී ක්‍රියා පිළිවෙත පරිසරවේදීන්ගේ දැඩි දෝශදර්ශනයට ලක්ව ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්