නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

ළමුන්ට එරෙහි අපරාධවල ඉහළයාමක්

අසංක

අසංක

සටහන – දම්පත් රණසිංහ

සැත්තැම්බර් මාසය තුළ පමණක් ස්ත්‍රීදූෂණයට හා බරපතල ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පවසයි.

මේ අතර ස්ත්‍රී දූෂණ පමණක් 168ක් ඇතැයිද ඇය සඳහන් කළාය.

මෙම මාසය තුළ සිය පියා අතින් දියණියන් දූෂණය වීම් 14ක්ද, සහෝදරයින් අතින් දූෂණය වීම් 19ක්ද ඇතැයි ඇය සඳහන් කරන්නීය. ඒ හැරුණු කොට මවගේ අනියම් පුරුෂයා අතින් දූෂණය වීම් සියයට 5.1ක්, බාප්පා සහ මාමා අතින් දූෂනය වීම් සියයට 4.6ක්, සීයා අතින් දූෂණය වීම් සියයට 1.5ක් මේ අතර ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරිය කීවාය.

මෙහි ඇති භයානකම තත්ත්වය ඇත්තේ මෙසේ දූෂණය වූ 168 දෙනා අතරින් 22දෙනෙක් ගැබ් ගෙන තිබීම බව ඇය පවසන්නීය.

එසේම මෙහිදී මෙම ස්ත්‍රී දූෂණ වලට වගකිවයුතු අය අතර අවුරුදු 18 ට අඩු දරුවන් 18 දෙනෙක්ද සිටින බව ඇය කියන්නීය.

ස්ත්‍රී දූෂණ හා අපයෝජනය සඳහා සියයට 90ක්ම යොදා ගනු ලබන්නේ නිවසක්, වෙළඳ සැලක් හෝ හෝටල් කාමරයක් බව ද ඇය කියන්නීය.

“අවුරුදු 16 ට වැඩි නම් ප්‍රශ්නයක් නැහැ කියල වැරදි මතයක් තියෙනවා. 18 ට අඩුනම් එයා දරුවෙක්. ඒ නිසා දරුවන්ව ලිංගිකව පොළඹවා ගැනීම් කරන්න බැහැ. අද දරුවන් වැඩි දෙනෙක් දූෂණයට ලක්වන්නේ වැඩිහිටියන් අතින්. ගොඩක් දරුවෝ ප්‍රේම සම්බන්ධකම් ඇතිකරගෙන අමාරුවේ වැටෙන්නේ වැඩිහිටියන්ගෙන්. පීසා එකටත් සමහර දැරියෝ එවැනි පුද්ගලයින් සමඟ ප්‍රේමසම්බන්ධකම් ඇතිකර ගැනීම් දකින්න පුළුවන්.“ යැයිද ඇය පවසුවාය.

නියෝජ්‍ය පොලිස්පතිනිය පවසන්නේ දරුවෙක් කැමැත්තෙන් යම් පුද්ගලයෙක් සමඟ එකට සිටියත් එය නීතියෙන් වරදක් බවය. එහිදී එය සැළකෙන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙස බවත් ස්ත්‍රී දූෂණයකට පරීිශ්‍රයක් ලබාදීම පවා දඩුවම් ලැබිය හැකි වරදක් බවත් ඇය අවධාරණය කළාය.

ළමුන්ට එරෙහිව වැරදි හා අපරාධ වසරකට 3000ක් පමණ පොලීසියලට වාර්තාවන බවත් මෙම වසරේ ජනවාරි 01 වෙනිදාv සිට අගොස්තු දක්වා කාලය තුළ පමණක් 2054ක් වාර්තා වී ඇති බවත් ඇය වැඩිදුරයටත් පැවසුවාය.

image-4
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් .
image-3
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා නිර්මාණයක්- උඩරට දුම්රිය ගමනද සීමාකෙරේ !
image-1
ප්‍රබල අකුණු තත්වයක් !
image
IMF ගිවිසුම වෙනස්කලේ නැහැ - රජය පිළිගනී !
image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය