නවතම පුවත්

අකිලගෙන් විරෝධතාවයක්

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි , සමගි ජන බලවේගයේ මහලේකම් විසින් ගොනු කළ පැමිණිල්ල ඉවත දමන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ අද (12) සිය විරෝධතා ගොනු කළේය .
.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා ගොනු කර ඇති විරෝධතා මගින් පෙන්වා දී ඇත්තේ පැමිණිලිකරු නිවැරදි තොරතුරු යටපත් කර උපරිම විශ්වාසයේ මූලධර්මය කර ඇති බවත් , යහපත් චේතනාවෙන් පැමිණිලිකරු අධිකරණයට පැමිණ නැති බවතය .

එසේම මෙම පැමිණිල්ල බැලු බැල්මට නඩු නිමිත්තක් නොමැතිව , සිවිල් නඩු විධාන සංග්‍රහයේ 15, 16,40 සහ 46(2) වගන්තීන් වලට පටහැනිව ගොනු කෙරුණු පැමිණිල්ලක් බවද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය විරෝධතා මගින් අධිකරණයට පෙන්වා දී ඇත.

තත්ත්වය මෙසේ තිබියදී ඉකුත් මාර්තු 04 වැනිදා සමගි ජනබලවේගය නමින් පක්ෂයක් ලියාපදිංචි කර එහි සභාපති ලෙසින් සජිත් ප්‍රේමදාස සහ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර පත් කර ඇති බවට දැනුම් දී තිබූ බවද එජාප මහලේකම්වරයා අධිකරණයට පෙන්වා දේ.

එබැවින් මෙම ක්‍රියාව එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් වන හෙයින් සමගි ජන බලවේගය ගොනු කළ පැමිණිල්ල ඉවත දමන ලෙසත් , වාරණ නියෝගය සහ අතුරු නියෝගය ප්‍රතික්ෂේප කරන ලෙසද වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය විරෝධතා මගින්. වැඩිදුරටත් ඉල්ලා ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි