අවම පිරිවැයක් යටතේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා ගැනීමට මහජනතාවට අයිතිය ඇති බවත්, ඒ අයිතිය වෙනුවෙන් මහජනතාව සටන් කළ යුතුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.
ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ අවම පිරිවැයකින් යුත් විදුලි උත්පාදනය සඳහා මෙන්ම අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා වන මුලික අයිතිය තහවුරු කර ගැනීම උදෙසා වන සටනට නීතිඥවරුන්ද එක්වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
තමන්ට අවශ්‍ය විදුලි බල සේවා සපයන්නෙකු තෝරා ගැනීමට මෙරට මහජනතාවට විකල්පයක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.
විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අවශ්‍ය වෙනස්කම් කිරීමට තමන් සූදානම් බවත්, අකාර්යක්ෂම සහ ආර්ථිකයට බරක් වන වෘත්තීය සමිතිවලට බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව කිසිදා ඉදිරියට නොයනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
බොහෝ වෘත්තීය සමිති සටන් කරන්නේ තම වෘත්තිය සමිතියේ හෝ ඔවුන් සේවය කරන ආයතනයේ උන්නතිය සඳහා නොව ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා පමණක් බවයි විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා චෝදනා කර සිටින්නේ.
පවතින ලංකා විදුලිබල පනතට සංශෝධන අවශ්‍ය නොවන්නේ නම් සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇත්නම් වසර ගණනාවක් තිස්සේ එසේ කිරීමට ඉල්ලා සිටි බොහෝ දෙනෙකුට ලංකා විදුලිබල මණ්ඩලය විසින් අහිමි කළේ කුමන හේතුවක් මතද? එමෙන්ම විදුලි ජාල ධාරිතා සංවර්ධනය සහ අවම පිරිවැය යටතේ විදුලි උත්පාදනය සඳහා ඔවුන් සැලසුම් නොකළේ මන්ද? යන්න සම්බන්ධයෙන් යන්න අමාත්‍යවරයා විසින් විදුලි ඉංජිනේරුවන් ගෙන් ප්‍රශ්න කර සිටියි.