නවතම පුවත්

අගමැතිවරයාටත්, රටටත් සෙත් පතා ඉන්දියාවේදී ආශිර්වාද පූජා!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත් මහ මැතිවරණයෙන් පසු එම ධූරයට පත්වී වසරක් පිරීම නිමිත්තෙන් සහ ශ්‍රී ලාංකික ජනතාවගේ නීරෝගීභාවය සහ සුබසිද්ධිය ප්‍රාර්ථනා කරමින් ඉන්දියාවේ මහා බෝධි සංගමය සංවිධානය කළ විශේෂ ආශිර්වාද පූජාවක් සාරානාත් හි පූජනීය මූලගන්ධකුටි විහාරයේදී ඊයේ (9) පැවැත්විණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ද මෙම විශේෂ ආශීර්වාද පූජාව සඳහා වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ සහභාගී වූහ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් අඛණ්ඩ සහයෝගීතාවයක් වෙනුවෙන් ද මෙහිදී ප්‍රාර්ථනා එක් කෙරිණ.

මහා බෝධි සංගමයට සම්බන්ධ ඉන්දියාවේ බුද්ධගයාව, ලුම්බිණි, කල්කටා සහ ලක්නව් වැනි විවිධ ස්ථානයන්හි විහාර සහ ආයතන ද අන්තර්ජාලය ඔස්සේ මෙම ආශිර්වාද පූජාවට එක් විය.

මීට අමතරව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ ශ්‍රී ලාංකික ජනතාවට ආශීර්වාද පතා වෙන්කටේශ්වර දෙවියන් වෙනුවෙන් විශේෂ පූජාවක් ද තිරුමාලා තිරුපති දේවස්ථානයේ දී එදින හිමිදිරි පාන්දර යෙදී තිබූ විශේෂ සුබ මොහොතින් පැවැත්විණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම කෝවිලේ බැතිමතකු වන අතර ඉන්දීය සංචාර කිහිපයක දී මෙම කෝවිල වැඳ පුදා ගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දියාවේ දෙවන කොවිඩ්-19 රැල්ල අතරතුර දී ශ්‍රී ලංකාවේ විවිධ ආගම්වලට අයත් ජනතාව තම ඉන්දීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජා සහ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ අතර එකිනෙකාගේ සුබසිද්ධිය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා එක් කිරීමෙන් දෙරට ජනතාව අතර පවතින ගැඹුරු සබඳතා සහ ශිෂ්ටාචාරමය බැඳීම් පිළිඹිබු වන බව ද එම කාර්යාලය සඳහන් කරයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි