නවතම පුවත්

අගමැති ඉල්ලා අස්වෙන්න තීරණය කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සඳුදා (09) ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලනික ආරංචි මාර්ග සඳහන් කරයි .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ අද (06) රාත්‍රී පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී අගමැතිවරයා ඉල්ලා අස්වීමට කැමැත්ත පළකර ඇතැයි දැනගන්නට ඇත.

රට තුළ ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය හමුවේ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ,අගමැතිවරයා ඉල්ලා අස්වන බව කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇතැයි දැනගන්නට ඇත.

රට තුළ ඇතිව තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදයත් ,ජනතාවගෙන් එල්ල වී ඇති දැඩි විරෝධයක් හමුවේ රටේ ආර්ථිකය පවත්වා ගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත..

එහිදී අහස් දක්වා ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතා අර්බුදයට විසඳුම තමා ඉල්ලා අස්වීම නම් අගමැති ධුරයෙන් ඉවත්ව විපක්ෂයට යාමට සූදානම් බව ප්‍රකාශ කර ඇත.

අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලය ද අහෝසි වනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්