අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි කැඳවන ලද විශේෂ පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරු 11.30ට ආරම්භ වේ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්රකාරව මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇත.
මෙම විශේෂ රැස්වීමට සහභාගී වන ලෙස කථානායකවරයා සියලු මන්ත්රිවරුන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය කථානායක කරූ ජයසූරිය මහතා විසින් පසුගියදා නිකුත් කළේය.