දම්පත් රණසිංහ
ජනතා මතයට හිස නමා නව ජනාධිපතිවරයාට අලුත් කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමට ඉඩ දී අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉවත් විය යුතු බවට එජාපයේ බහුතර මැති ඇමතිවරුන්ගේ තීරණය වී තිබේ.
ඒ අනුව ඊයේ සිට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු බොහෝ දෙනෙක් සිය අමාත්‍ය හා වෙනත් ධූරවලින් ඉල්ල අස්වෙමින් සිටිති.
එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ අමාත්‍යවරුන් ඉවත් වුවද අගමැතිවරයා ඉවත් නොවිය යුතු බවය.
ඊට විරෝධය දක්වමින් එජාපයේ බහුතර මැති ඇමතිවරු ඉවත්වෙමින් සිටින අතර එම ඉවත් වූ කණ්ඩායම දැනට නව විපක්ෂ නායකයකු පත් කරගත යුතු බවට ද සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ.