අගමැති ප්‍රධානත්වයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම ඇරඹෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ අරලියගහ මන්දිරයේදී. මේ සඳහා ආණ්ඩු පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂය නියෝජනය කරන දමිළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ද එක්වී සිටින බවයි වාර්තා වන්නේ.

ජාතික සමගි ජනබල වේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම රැස්වීම සඳහා සහභාගී නොවන බවට ප්‍රකාශ කර සිටියා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරිම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම රැස්වීම කැඳවා තිබුණා.