ජනාධිපතිවරයා තෝරා ගැනීමෙන් පසු අග්‍රාමාත්‍ය ධූරය ද මේ වන විට හිස්ව පවතින අතර එම ධූරය සඳහා සිව්දෙනෙකුගේ නම් පිළිබඳ මේ වන විට අවධානය යොමුව ඇත. සබානායක දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත් සහ විජේදාස රාජපක්ෂ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆෝන්සේකාද ඒ අතරට අයත්.
1993 වසරේදී ඩී බී විජේතුංග මහතා ජනාධිපති ධූරයට පත්වන අවස්ථාවේ සබානායකවරයා ලෙස කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ අනුව ඔහු 1993 මැයි මස 07 වනදා අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වුණා.
මේ අතර 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත් කර ගැනීමේදී තිරය පිටුපස සිට විශාල කාර්යභාරයක් සිදුකළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද මේ වන විට වාර්තා පළවනවා. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ද ඒ අතර ඉදිරියෙන්ම සිටිනවා.
.